අමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සත්වෝද්‍යානයකදී කොටියෙකු විසින් එහි පුහුණුකරුට පහර දී මරා දමන ලද බවට ඛේදනීය පුවතක් වාර්තා වනවා.
මියගිය 37 හැවිරිදි පුහුණුකරු රයන් ඊස්ලි වන අතර, මෙම සිදුවීම පසුගිය සෙනසුරාදා දින දකුණුදිග ඔක්ලහෝමා හි හියුගෝ නගරයේ පිහිටි ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයේදී සිදුව තිබෙනවා. ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඊස්ලි එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීම සිදුවන අවස්ථාවේදී ඊස්ලි සිය බිරිඳ සහ කුඩා දියණිය ඇතුළු විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ කොටියා සමඟ රංගනයක යෙදී සිට තිබෙනවා. වාර්තා අනුව, ඊස්ලි විසින් කුඩා කල සිටම ඇති දැඩි කරනු ලැබූ එම කොටියා ඔහුගේ ගෙලට සහ උරහිසට සපා කා ඇති අතර සිදුවූ බරපතල තුවාල හේතුවෙනුයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
අනතුර සිදුවීමත් සමඟ ඊස්ලිගේ බිරිඳ විසින් කඩිනමින් කොටියාව වෙනත් කූඩුවකට යොමු කර ඇතැයි වාර්තා වනවා.අවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඊස්ලිගේ දේහය ඔක්ලහෝමා හි ටුල්සා හි පිහිටි වෛද්‍ය පරීක්ෂක කාර්යාලය වෙත මේ වනවිට රැගෙන ගොස් තිබෙනවා.


