News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
23

ෆයිබර් කේබල් යුගය අවසන් වේවිද? Starlink අභිබවා ගිය චීනයේ අලුත්ම අන්තර්ජාල තාක්ෂණය

61 Views


ෆයිබර් කේබල් යුගය අවසන් වේවිද? Starlink අභිබවා ගිය චීනයේ අලුත්ම අන්තර්ජාල තාක්ෂණය

චීන විද්‍යාඥයින් විසින් කිලෝමීටර් 36,000ක් ඉහළින් පවතින Geostationary (GEO) කක්ෂයේ සිට, වොට් 2ක අවම බලයක් උපයෝගී කරගනිමින් තත්පරයට ගිගාබිට් 10ක (10Gbps) වේගයකින් යුත් අතිශය නිරවද්‍ය ලේසර් දත්ත සන්නිවේදන තාක්ෂණයක් සාර්ථකව අත්හදා බලා ඇති අතර, මෙය දැනට පවතින Starlink සේවාවට වඩා පස් ගුණයක වේගයකින් යුක්ත වීම මෙහි විශේෂත්වයක්. සාම්ප්‍රදායික රේඩියෝ තරංග වලට වඩා සංකීර්ණ වූ මෙම ප්‍රකාශ සන්නිවේදන (Optical Communication) ක්‍රමවේදය මගින් අඩු චන්ද්‍රිකා සංඛ්‍යාවක් භාවිතයෙන් මුළු පෘථිවියම ආවරණය කිරීමටත්, මිල අධික ෆයිබර් කේබල් යටිතල පහසුකම්වලින් තොරව සාගරය මැද සහ දුෂ්කර ප්‍රදේශවලට පවා අතිශය වේගවත් අන්තර්ජාල පහසුකමක් සහ මහාද්වීප අතර ලාභදායී දත්ත හුවමාරුවක් සහතික කිරීමටත් අනාගතයේදී අවස්ථාව සැලසෙන බව පෙන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post