News Line| Off Air
Generic placeholder image

Jun
4

චීන තර්ජනවලින් බේරීමට තායිවානයෙන් සන්නද්ධ රොබෝ සුනඛයන්

32 Views


චීන තර්ජනවලින් බේරීමට තායිවානයෙන් සන්නද්ධ රොබෝ සුනඛයන්

චීන තර්ජන හමුවේ සිය සන්නද්ධ බළකායන් නවීකරණය කිරීමට තායිවානය දරන අඛණ්ඩ උත්සාහයේ පියවරක් ලෙස, මතභේදයට තුඩුදුන් දකුණු චීන මුහුදේ පිහිටි දූපත්වල ආරක්ෂාව සඳහා යොදාගත හැකි අතිනවීන රොබෝ මුර සුනඛයන් තිදෙනෙකු ප්‍රදර්ශනය කිරීමට එරට ප්‍රමුඛතම යුද අවි සංවර්ධන ආයතනයක් කටයුතු කර තිබෙනවා. ඩ්‍රෝන සහ ස්වයංක්‍රීය තාක්ෂණය කෙරෙහි තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් යොමුව ඇති පසුබිමක, ඇමෙරිකානු හමුදාවට රොබෝවන් සපයන ප්‍රධාන සමාගමක් විසිනුයි මෙම රොබෝ සුනඛයන් නිෂ්පාදනය කර ඇත්තේ. සතුරු තොරතුරු සෙවීම, සෝදිසි කිරීම් සහ නිරීක්ෂණ කටයුතුවලට අමතරව, සතුරන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා විශේෂිත ගිනි අවියකින්ද සමන්විතව මෙම රොබෝවන් නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post