News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

පෝලන්තයේ A.I. රොබෝවරු විරෝධතාවක

55 Views


පෝලන්තයේ A.I. රොබෝවරු විරෝධතාවක

මානවරූපී සහ සිව්පා රොබෝවරුන් 30කට ආසන්න පිරිසක් සැප්තැම්බර් 7 වැනිදා ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට මෙම විරෝධතාවට එක්ව තිබුණා.

මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ Democratism නම් පුරවැසි සංවිධානයක් විසින්. ඒ.අයි. තාක්ෂණය සමාජයට මෙන්ම විශේෂයෙන්ම රැකියා වෙළඳපොළට සිදුකරන වෙනස්කම් පිළිබඳව මහජන සංවාදයක් ඇති කිරීම එහි අරමුණ වී තිබෙනවා.

ඒ.අයි. තාක්ෂණය සඳහා දැඩි නියාමනයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලා සිටීම ද මෙම විරෝධතාවේ ප්‍රධාන අරමුණක්.

රොබෝවරුන් විරෝධතාවේ ප්‍රධාන චරිත බවට පත් කිරීමෙන්, යන්ත්‍ර වඩාත් දියුණු හැකියාවන් අත්කර ගන්නා විට මිනිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි අනාගතය සංකේතාත්මකව පෙන්වා දීම සංවිධායකයින්ගේ අරමුණ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post