News Line| Off Air
Generic placeholder image

Feb
25

රටම බල සිටි කැබිනට් සංශෝධනය පෙරවරු 11 ට.

560 Views


රටම බල සිටි කැබිනට් සංශෝධනය පෙරවරු 11 ට.

ලංකාවේ හැමෝම අද බලාගෙන ඉන්නේ කැබිනට් එක දිහා. ගෙදර තියෙන කැබිනට් එක නම් නෙවෙයි. කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිහා. අද අනිවාර්යෙන්ම කැබිනට් සංශෝධනයක් වෙනවා කියලා ප්‍රබල අැමතිවරු රැසක් අපිට දැනුම් දීලා තියෙනවා.

අද උදේ 11 ට අලුත් කැබිනට් සංශෝධනය සිදු කරනවා කියලයි සියත 24 වෙත වාර්තා වුණේ. වත්මන් අාණ්ඩුවේ දෙවෙනි කැබිනට් සංශෝධනය තමයි අද සිද්ධ වෙන්නේ. හැබැයි මේ සංශෝධනය නම් අැමතිවරු පවා අන්දමන්ද වෙන එකක් වෙයි කියලයි වාර්තා වෙන්නේ.

සමහර අැමතිකම් සුහදව මාරු කර ගනිද්දී, තවත් ප්‍රබල අැමතිවරුන්ගේ අැමතිධූර ගැලවෙන්න නියමිතයි. එ් වගේම නවක මන්ත්‍රීවරුන්ට ප්‍රබල අැමතිධූර මේ කැබිනට් සංශෝධනයේදී ලැබෙනවා. කැබිනට් සංශෝධනය සිදු වුණ වහාම එ් ගැන වාර්තා කරන්න සියත 24 සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post