ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2 වන එක්දින තරගය කරට කර සටනකින් පස්සෙ ඉන්දියාව දිනුවා. හැබැයි ලංකාව පන්දු යවන්න සෑහෙන වෙලාවක් ගත්තා. ඒ නිසා නායක තරංගට දඩුවම් කරන්න තරග තීරක තීරණය කරා. ඔහුට ලැබුන දඩුවම තමයි එක්දින තරග 2 ක තහනමක්. ඒ නිසා තරංගට ඉස්සරහ තරග 2 සෙල්ලම් කරන්න බැරි වෙනවා. එත් එක්කම කණ්ඩායමේ නායකත්වයටත් පුරප්පාඩුවක් ආවා. ඒ හිඩැස පුරවන්න චාමර කපුගෙදරව නායකත්වයට පත්කරලා තියෙනවා. කපුගෙදර ඊයේ තරගයේදීත් ලකුණු 40 ක් ලබා ගත්තා.
අලුත්ම ආරංචියේ හැටියට දනුෂ්ක ගුණතිලකට ආබාධයකට ලක්වෙලා. ඒ නිසා ලහිරු තිරිමාන්න කණ්ඩායමට කැදවලා. තරංග වෙනුවට දිනේෂ් චන්දිමාල්වත් කැදවලා. ඉතිං මේ දෙන්නත් එක්ක මැතිව්ස්ට, තරංගට කරන්න බැරි වුන දේ ලැබුණු අවස්ථාවේ කපුගෙදරටවත් කරන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු.
මෙහෙන් කපුගෙදරට නායකත්වය ලැබෙද්දී ලෝකෙන් තිසරට Promotion එකක් ලැබුණා. ඒ තමයි පකිස්ථාන සංචාරයට එක්වෙන ලෝක ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න. අවුරුදු 8 පස්සෙ තමයි අන්තර්ජාතික ක්‍රිකට් කණ්ඩායමක් මේ විදියට පකිස්ථානයේ සංචාරයට එක්වෙන්නෙ. 2009 ලාහෝර් නුවරදී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඒ සිද්ධිය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුතම සිදුවීම විදිහටයි තාමත් සලකන්නෙ.