News Line| Off Air
Generic placeholder image

Feb
26

අාණ්ඩුව අස්ථාවර නිසා වාහන මිල ඉහළ යයි.

1492 Views


අාණ්ඩුව අස්ථාවර නිසා වාහන මිල ඉහළ යයි.

කවදා හරි වාහනයක් ගන්න එක ගොඩක් අයගෙ හීනයක්. හැබැයි දැන් තියෙන වාහන මිලත් එක්ක එ්ක ලේසි නෑ. වාහනයක් ගන්න හීනය හීනයක් විරක්ම වෙන පුවතක් අපිට වාර්තා වුණා.

අායෙත් වාහන මිල ඉහළ යනවා කියලා ලංකා වාහන අානයනකරුවන්ගේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පවසනවා. දැනට තියෙන තත්වය අනුව එන්ජින් ධාරිතාව අඩු වාහනයක් රුපියල් ලක්ෂයකින් විතර ඉහළ යනවා. එ් වගේම එන්ජින් ධාරිතාව වැඩි වාහන ලක්ෂ 1 1/2, 2 විතර වැඩි වෙනවා.

මේ දවස්වල ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය වැගන් අාර් රථයක් රුපියල් ලක්ෂයකින් විතර ඉහළ යනවා. ටොයෝටා විට්ස් වර්ගයේ රථයක් ලක්ෂ 2 කින් ඉහළ යනවා.

රටේ පවතින දේශපාලන අස්ථාවර බව නිසා රුපියල අවප්‍රමාණ වෙලා තියෙන්නේ. එ් නිසා තමයි මේ විදියට වාහන මිල ඉහළ යන්න හේතු වෙලා තියෙන්නේ. එ් වගේම අැමරිකාවේ තියෙන ගැටලුකාරී තත්වය නිසා ජපන් යෙන් අගය ශක්තිමත් වීමත් තව හේතුවක්.


News Articles
Latest Videos
Most Popular Post