උපුල් ශාන්ත සන්නස්ගල, කාලෙකදී ජනප්‍රිය සිංහල පන්ති ගුරුවරයෙක්, තවත් කාලෙක ජනප්‍රිය ගේය පද රචකයෙක්, ඊට පස්සේ දේශපාලකයෙක් වගේම නාට්‍ය රචකයෙක්. මේ වගේ ගොඩාක් චරිත රඟපාපු සන්නස්ගල චිත්‍රපටයක රඟපානවා කියලා සියත 24 අපිට ආරංචි වුණා. ගුරුවරයාගේ පැත්තේ ඉදලා නළුවගේ පැත්තට සන්නස්ගල පැන්නා කියලා නිර්නාමික දුරකථන ඇමතුමකින් ලැබුණු ඒ ආරංචිය ඇත්තද නැත්තද කියලා බලන්න අපි කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයට ගියා.
කතාව ඇත්ත. මෙන්න සන්නස්ගල රඟපානවා. පෙනුණු විදිහට නම් ගුරුවරයෙක්ගේ චරිතයක්. මෙන්න තියෙනවා සාක්ෂි. දැනට මේ Photos ටික බලන්න. මේ Film එක ගැන වැඩි විස්තර සියත 24 තුලින් පස්සේ අපි කියන්නම්.