News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

“මම ගියේ තනියම, ජාතික ගීය වාදනය කරේ Download කරලා, සිංහ කොඩිය අරන් ආවේ යාලුවෙක්” ආසියානු අයෝමය පුරුෂයා සියත 24 වෙත කිව්ව සංවේදී කතාව.

38451 Views


“මම ගියේ තනියම, ජාතික ගීය වාදනය කරේ Download කරලා, සිංහ කොඩිය අරන් ආවේ යාලුවෙක්” ආසියානු අයෝමය පුරුෂයා සියත 24 වෙත කිව්ව සංවේදී කතාව.

මේ වෙලාවෙ මුලු ලoකාවම කතා වෙන්නෙ ලූෂන් පුෂ්පරාජ් ගැන.ඔහු තමයි 2017 ආසියානු අයෝමය ශූරයා විදිහට ඔටුනු පැළදුවේ. Facebook එකේ ගොඩක් අය ඔහුට සුභ පතද්දී සමහර පත්තර වල නම් කියල තිබ්බෙ ඒ තරගාවලිය නීති විරෝධී කියලා. හැබැයි තරගාවලි 50ක ඉතිහාසයක් තියෙන තරගාවලියකට ගිහින් රටවල් 26 ක් පරද්දලා ශූරයා වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා නම් පොඩි දරුවෙක්ට වුනත් තේරෙනවා.

කොහොම වුනත් ලoකාවේ නම ජාත්‍යන්තරයට අරන් ගිය මේ ලූශන් පුශ්පරාජ් ට සුභ පතන්න වගේම ඔහු ගැන ලoකාවේ කාය වර්ධන පාලකයෝ කියන කතා ඇත්තද නැද්ද කියලා අහන්න අපි ඔහුව දුරකථනයෙන් සම්භන්ධ කරගත්තා. දකුණු කොරියාවෙ ඉදන් ඔහුට වුණ කැපිලි කෙටිලි වගේම ආසියානු අයෝමය ශූරයා වුනාම ඇති වුන සතුට ගැනත් සියත 24 වෙත ඔහු කිව්ව කතාව තමයි මේ. අපේ සoවාදය අතර සමහර තැන් වලදි ඔහු සංවේදී වුණේ රට ගැන තියෙන කැක්කුම නිසා කියලයි අපිට හිතෙන්නෙ.

 

ලූෂන් පුශ්පරාජ් සමග සියත 24 කළ සම්පූර්ණ කතාබහ මෙන්න…

 

ලූෂන් පුශ්පරාජ් පිලිබඳව ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතා සිය facebook ගිණුමට එක්කල ආන්දෝලනාත්මක සටහන…

 

කාය වර්ධන සම්මේලනයේ ප්‍රභලයෙක් දකුණු ආසියානු කාය වර්ධන ප්‍රධානියාට යැවූ facebook පණිවිඩය…

 

ලූෂන් ජයග්‍රහණයේ සතුට සැමරූ අයුර…


News Articles
Latest Videos
Most Popular Post