නිදහස් කුසලාන තුන්කොණ විස්සයි විස්ස තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම හා බංගලාදේශය අතර අද පැවැත්වෙන තරඟය නැරඹීම සදහා පැමිණෙන පේ‍්‍රක්ෂකයින් ආර්. පේ‍්‍රමදාසකී‍්‍රඩාංගණයට ඇතුළත් කිරීමේ කටයුතු පස්වරු 3.30 සිට ආරම්භ වුණා.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ, ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත් පේ‍්‍රක්ෂකයින්ට තෙරපීමකින් සහ බාධාවකින් තොරව කී‍්‍රඩාංගණයට පැමිණ අසුන් ගැනීම සදහා මෙම පියවර ගත් බවයි.
තරඟය අද පස්වරු 07 00 ට ආරම්භ වනවා. බංගලාදේශ නායක මහමුදුල්ලා ප‍්‍රකාශ කර සිටියේ පේ‍්‍රමදාස පිටියේ මන්දගාමී තණතීරුවේ වැඩි වාසි ලබා ගැනීමට තම කණ්ඩායමට හැකි බවයි.
පසුගියදා ශ‍්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලැබූ පරාජයත් සමගම තම අභිමානය රැුක ගැනීම වෙනුවෙන් ඉන්දීය කන්ඩායමට අද තරගය වැදගත් වන බවයි ක‍්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර අද තරගයේ තණ තිල්ලේ වැඩි වාසිය පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම හිමිවනු ඇති බව ක‍්‍රීඩා විචාරකයින් වැඩිදුරටත් පවසනවා.