මහනුවර නොසන්සුන් තත්වයක් ඇති කිරීමේ සිද්ධීන් මෙහෙයවූ ප‍්‍රධාන සැකකරු අමිත් ජීවන් වීරසිංහ ඇතුලූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශ කලා.
මේ අතර මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය සඳහා අද පස්වරු 6 සිට හෙට අලූයම 6 දක්වා යළි ඇදිරි නීතිය පනවා තිබෙනවා.ඊයේ පස්වරු 4 සිට පනවා තිබූ ඇදිරි නීතිය අද පෙරවරු 10 ට ඉවත් කෙරුණා.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වුණේ සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබාදෙනු පිණිස මහජන ඉල්ලීම් සලකා බලා ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගත් බවයි. කෙසේවෙතත් අද පස්වරු 6 ට මහනුවර ප‍්‍රදේශයේ මේ වන විට සාමකාමී වාතාවරණයක් පවතින බව පොලීසිය පැවසුවා.
කෙසේ වෙතත් ප‍්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් එම දිස්ත‍්‍රීක්කය පුරා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
සතියක කාලයක් සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දිවයින පුරා හදිසි තත්වයක්ද ප‍්‍රකාශයට පත් කලේ පසුගිය 6 වනදායි.
මේ අතර මහනුවර නගරයේ පැවැත්වීමට තිබූ සියලූම පාසැල් මහා ක‍්‍රිකට් තරග සියල්ලම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එමෙන්ම කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාල අතර පැවැත්වීමට නියමිතව තිබූ මහා ක‍්‍රිකට් තරගයද කල් දැමීමටයි පියවර ගෙන ඇත්තේ