කාලෙන් කාලයට ලෝකය පුරා විවිධ වසංගත පැතිර යනවා. මේ වසංගත රෝග නිසා මුළු ලෝකයටම දරුණු බලපෑම් ඇති වෙනවා.
2018 වසරේදී ලෝකය පුරා පැතිර යන්න පුළුවන් මාරාන්තික වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ඔවුන් මේ වසංගතය නම් කරලා තියෙන්නේ ” Disease X” කියලා. මෙය ඊබොලා H1 N1 වගේ මාරාන්තික වසංගතයක් වෙයි කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ.
කොහොම වුණත තාමත් මේ වසංගතය ආසාදනය වුන රෝගියෙක් ලෝකයෙන් වාර්තා වෙලා නෑ. ඒ වුනත් මේ වසංගතය මේ අවුරුද්දේ ලෝකයට දරුණු බලපෑම් ඇති කරයි කියලයි ඔවුන් විශ්වාස කරන්නේ.