News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ප්‍රේම සම්බන්ධතා වලට අපලයි – අද ලග්න පලාපල මෙන්න

2397 Views


ප්‍රේම සම්බන්ධතා වලට අපලයි – අද ලග්න පලාපල මෙන්න

අද 2017 අගෝස්තු මාසයේ 28 සදුදා

රාහු කාලය පෙ.ව 07.36 සිට 09.08

සුභ දිශාව නැගෙනහිර

මරු සිටින දිශාව වයඹ

 

 

 

මේෂ ලග්නය

රැකීරක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව බොහෝ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වාසනාවන්ත දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්. කායික ශක්තිය ඉහල යනවා වගේම ජව සම්පන්න කටයුතු වලින් ජයග්‍රහණ ලගා කර ගන්න පුළුවන්. ක්‍රිඩාශීලි කටයුතුවල නිරත වෙලා ඉන්න කෙනෙක්නම් එවැනි කටයුතු වලින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. වාසස්ථාන හා යාන වාහන සම්බන්ධ කටයුතු වලින් ඔබට ජයග්‍රහණ ලැබෙනවා. කොහොම වුනත් රැකිරක්ෂා වෙළදාම් කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. මුත්‍රාශය කොන්ද තුනටිය ආශ්‍රිත රෝග වලින් පිඩාකාරී තත්ව ඇති විය හැකියි. ජය පිරිත සජ්ජායනා කරන්න ශ්‍රවණය කරන්න.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 08

 

වෘෂභ ලග්නය

වෙළදාම් කටයුතු සම්බන්ධව වෙනදට වඩා ජවසම්පන්නව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. සිතේ සතුට උදා වෙනවා. සතුරු කරදර තිබුණානම් පහසුවෙන් ඒවා යටපත් කරගත හැකියි. ගෘහාශ්‍රිත කටයුතු වල පවා දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වියදම් පාර්ශවය පිලිබදව වෙනදාට වඩා සැලකිලිමත් වන්න. සහෝදර ඥාතීන්ගේ උදව් උපකාර පවා හිමි වෙනවා. බලාපොරොත්තුවන අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා. ඒ සදහා වැඩි අවධානයක් දැරිය යුතුයි.

ජය වර්ණය ලා කහ පැහැය                         ජය අංකය 07

 

මිථුන ලග්නය

අලුත් යානවාහන මිලදී ගන්න සිහින තිබුණානම් ඒ සිහින සැබෑ වන දිනයක්. ඔබගේ ඉගෙනීම් කටයුතු ඔබේ දු දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු බොහෝ දුරට සාර්ථක වෙනවා. ඔබගේ අධ්‍යාපනික මට්ටමට සාපේක්ෂව ඔබගේ ආර්ථික තත්වය දියුණු කර ගන්න පුළුවන්. ගුප්තමය අසනීප තත්ව ඇති වීමේ අවධානම් සහගත තත්වයක් පවතිනවා. වචන භාවිතා කිරීම නිසා අන් අයගේ සිත් රිදීම් ඇති වේවි. කල්පනාකාරී වීම වඩාත් වැදගත් වේවි. ඉවසිලිවන්තව කටයුතු කලොත් ජයග්‍රහණ ඔබට අත්කර ගන්න පුළුවන්. ඉහල නිලධාරීන්ගේ ආකර්ෂණය වගේම ඉහල නිලධාරීන්ගේ ප්‍රශංසාවත් ඔබට හිමි වෙනවා.

ජය වර්ණය ලා තැඹිලි පැහැය                  ජය අංකය 03

 

කටක ලග්නය

සෙම් සහිත රෝග වලින් වගේම මානසික ව්‍යාධිකාරී තත්ව වලින් තරමක් පිඩාකාරී ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අතිශය කල්පනාකාරීව වචන භාවිත කලයුතු වෙනවා. අන් අයට පොරොන්දු වීම් එතරම් යහපත් නොවේ. පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා ඔබ තුල යම් ව්‍යාකුල තත්වයක් හට ගන්නවා වගේම අන් අය තුල ඔබ ගැන අප්‍රසාදයක් ඇති වීමේ ඉඩකඩ පවතිනවා. ඒ නිසාම සවස් කාලයවන විට ඔබ තුල නොනිමි අරගලයක් ඒ වගේම අතිශය කේන්ති සහගත තත්වයක් ඇති වීමේ අවධානමක් පවතිනවා. ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු කලොත් ඔබේ හැගීම් පාලනය කර ගන්න වගේම ආවේගශීලි හැගීම් පාලනය කර ගන්න පුළුවන් වෙනවා. අන් අයගේ සිත දිනා ගන්න ආකාරයෙන් කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්කර ගැනීමේ වාසනාව පවතිනවා.

ජය වර්ණය ලා රතු පැහැය                       ජය අංකය 05

 

සිංහ ලග්නය

 

තරමක් කල්පනාකාරීව කටයුතු කලොත් ඔබට බොහෝ ජයග්‍රහණ අත්කර ගන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් භූගත සම්පත් ආශ්‍රිත කටයුතු වලින් වෙළදාම් ආශ්‍රිත කටයුතු වලින් වගේම ඇගළුම් ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණය හිමි වෙනවා. වාග් ශක්තිය ඉතාමත්ම ඉහල මට්ටමක පවතිනවා. ඒ වගේම තමයි ඔබගේ පෞරුෂය මුල් කරගෙන බොහෝ ජයග්‍රහණ ඔබ වටා නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. වාග් ශක්තිය ඉහල මට්ටමක පවතින නිසාම ගන්න තීන්දු තීරණ ප්‍රකාශ කරන වදන් හැම එකක්ම බොහොම සාර්ථකත්වයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. විදේශගත වීමේ සිහින බලාපොරොත්තු තිබුන නම් එවැනි කටයුතු පිලිබදව කතිකා ගොඩ නැගෙන දවසක්. අන් අයට උදව් උපකාර කිරීමට යාම නිසා ඔබගේ මුදල් පසුම්බියට අශුභතා ඇති විය හැකියි. මෝර පිරිත සජ්ජායනා කරන්න ශ්‍රවණය කරන්න.

ජය වර්ණය දීප්තිමත් කහපැහැය               ජය අංකය 05

 

කන්‍යා ලග්නය

දකින දකින දේ මිලදී ගන්න හිතෙන දවසක් නිසාම පසුම්බියට නම් අද දවස එතරම් යහපත් නොවේ. සංචාරක කටයුතු කොමිස් මුදල් හිමිවන කටයුතු වලින් වලින් වගේම කලාකාමී කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් කර ගත හැකියි. පියපස ඥාතීන් සමග වගේම ඉහල නිලධාරීන් සමග කරන ගනුදෙනු වලදී නම් තරමක් කල්පනාකාරී වන්න. අනවශ්‍ය බාධාකාරී තත්ව අනවශ්‍ය ගැටුම්කාරී තත්ව මග හරවා ගන්න බුද්ධිමත්ව කටයුතු කරන්න. මුල්‍ය පරිපාලන ආදී කටයුතු වලත් පුංචි පුංචි බාධාකාරී තත්ව උදා වෙනවා.ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් අත්සන් තැබීම වැනි කටයුතු වලදී බොහෝ සෙයින් කල්පනාකාරී වන්න. කොහොම උනත් අධ්‍යාපනික ආශ්‍රිත කටයුතු වලදී නම් බොහෝ දියුණුවක් ලබා ගන්න පුළුවන්.

ජය වර්ණය තැඹිලිපැහැය                         ජය අංකය 02

 

තුලා ලග්නය

වෛද්‍ය හෙද ක්ෂේත්‍ර වගේම අන් අයට උදව් උපකාර කරන සාත්තු සේවා වැනි කටයුතු වලින් ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව සමාජයේ ගෞරවය දිනා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබගේ ලගම ඥාතිවරයෙක්ට සිදුවන යම් කරදරයකටත් ඔබට වැඩි වශයෙන් මැදිහත් වීමට සිදු වෙනවා. මේ සියල්ල සමග ඔබේ ආර්ථිකයටත් යම් පසුගාමී තත්වයක් ඇති වීමේ අවධානයක් පවතිනවා. ඒ වගේම කල්පනාකාරී වන්න.වචන භාවිතා කිරීමේදී ඉවසිලිවන්ත නොවුනහොත් කල හොද පස්සෙන් එන දවසක්. ඒ හරහා ඔබට මානසික පිඩාකාරී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා. කොහොම වුනත් නිතර සිනාසී කටයුතු කරනවා. ඒ හරහා අන් අයව වශී කරගන්නවා.පලතුරු ආහාරයට ගැනීමට වැඩි ආසාවක් පවතිනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 08

 

වෘශ්චික ලග්නය

කොහොම උනත් මානසික පිඩාකාරී තත්ව ඇති වීමේ ඉඩකඩ පවතිනවා. ජලාශ්‍රිත පරිසර වලදී බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුයි.අනවශ්‍ය වේගකාරී ස්වභාවයක් පවත්වා ගෙන යාම ඔබගේ රිය ධාවනයට නම් එතරම් යහපත් තත්වයක් ලැබෙන්නේ නැහැ. බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු සන්නිවේදන ආශ්‍රිත කටයුතු වලින් වගේම රාජ්‍ය අර්ධ රාජ්‍ය කටයුතු වලින් බොහෝ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පියපස ඥාතීන්ගෙන් බොහෝ උදව් උපකාර හිමි වෙනවා. කලාකාමී කටයුතු රුපලාවන්‍ය කටයුතු වලිනුත් බොහෝ ජයග්‍රහණ ලැබීමේ ඉඩකඩ පවතිනවා. අතිශය කාර්යබහුල තත්වයක් උදාවන නිසාම මනසට යම් වෙහෙසකර තත්වයක් ගොඩ නැගෙනවා. දවසේ කටයුතු උදෑසනම සැලසුම් කරන්න.

ජය වර්ණය රෝසපැහැය             ජය අංකය 09

 

ධනු ලග්නය

වෘත්තිමය කටයුතු වලදී පරිපාලනමය ක්ෂේත්‍ර කටයුතු වලදී ඔබට බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඉඩ පවතිනවා. ජලාශ්‍රිත වෘත්තීන්වල යෙදිලා ඉන්න අයගේ එවැනි කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ලේඛම් ධුර වැනි කටයුතු වලදී බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. වචන භාවිතා කිරීමේ අඩුකම නිසාම අන් අය තුල ඔබ ගැන යම් සැකසංකා මතු වීමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. නිතර ජලය පානය කරන්න.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග විටින් විට උත්සන්න විය හැකියි. ගෘහ ජීවිතය ආශ්‍රිත කටයුතු වලින් නම් පිඩාකාරී ස්වභාවයක් පවතිනවා. පෙම් සබදතා වලදී යම් අසුභතා ඇති විය හැකියි. ඉවසීම හා කල්පනාකරිත්වය වඩාත් වැදගත් වෙනවා.

ජය වර්ණය දීප්තිමත්කහ පැහැය              ජය අංකය 03

 

මකර ලග්නය

හවුල් ව්‍යාපාර ආදී කටයුතු පිලිබදව අලුත් කෝණයකින් සිතා බැලීමේ හැකියාව ඔබට උදා වෙනවා. අතගහලා තියෙන බොහෝ කටයුතු සාර්ථක කර ගන්න අලුත් කටයුතු ආරම්භ කරගන්නත් ඔබට වාසනාව පවතිනවා. ආර්ථික කටයුතු කොහොම හෝ ජයග්‍රහණය කර ගන්න පුළුවන් වෙනවා. රටින් හෝ ගමින් බැහැරව කරන කටයුතු වලට ඔබට වැඩි අවස්ථාවක් පවතිනවා. ඒ නිසා තරමක වෙහෙසකාරී තත්වයකුත් ඇති වෙනවා. පියපස ඥාතීන් සමග කරන කටයුතු වලදී ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලදී තරමක් පාඩු සහගත තත්ව උදා විය හැකියි.

ජය වර්ණය ලා නිල් පැහැය                     ජය අංකය 09

 

කුම්භ ලග්නය

කලපසු වුණු ප්‍රේම සම්බන්ධතා පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්.රහසිගත මිතුරන්ගේ උදව් උපකාර ඔබට නිරන්තරයෙන්ම හිමි වේවි. කාන්තා පාර්ශවයේ ඥාතීන්ගෙන් මව්පස ඥාතීන්ගෙන් බොහෝ උදව් උපකාර හිමි වෙනවා. ඒ වගේම සෙම් සහිත රෝග වලින් ඔබ පිඩාවට පත් වෙලා හිටිය නම් ඒ රෝග වලින් ඔබට නිදහසක් ලැබෙනවා. සතුරු  කරදර යටපත් කරගෙන ජයග්‍රහණ ඔබ සතු කර ගැනීමේ මානසිකත්වය ක්‍රමානුකුලව ඔබ තුල වර්ධනය වෙනවා. අලුත් කලාත්මක හැගීම් ඔබ තුල වර්ධනය වෙනවා. ඒ හරහා ධන මාර්ග විවර කර ගැනීමේ හැකියාව පවතිනවා. මානව සම්පත් කළමනාකරණය පොලව සම්බන්ධ කටයුතු ඉදිකිරීම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කල හැකියි.

ජය වර්ණය දීප්තිමත් නිල් පැහැය              ජය අංකය 08

 

මීන

අතගහන බොහෝ කටයුතු අන් අයගේ උදව් උපකාර මුලික කරගෙන ජයග්‍රාහී තත්වයකට පත් කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කටයුතුවල ජයග්‍රහණ ප්‍රේමනීය සම්බන්ධතාවල ජයග්‍රහණ ඔබට උරුම වෙන්නෙ පාර්ශවකරුවන් දක්වන ප්‍රසාදය නිසාමයි. කායික ශක්තිය ඉහල නංවා ගැනීමේ හැකියාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ඔබ තුල තියෙන කලාත්මක හැකියාව නිර්මාණාත්මකව එලි දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අලුත් ආරම්භයන් ගන්න ඉතාමත්ම යහපත් දවසක්. අන් අයට උදව් උපකාර කිරීමට යාමේදී තරමක් කල්පනාකාරී වෙන්න ඕන. එහෙම නොවුනොත් ඔබට චිත්ත පිඩා ඇති විය හැකියි. අධ්‍යාපනික කටයුතුවල දියුණුව ඇති වෙනවා. තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණය හිමි වෙනවා. ආගමනුකුල කටයුතු වලටත් ආරාධනා හිමි වෙනවා.

ජය වර්ණය දීප්තිමත් කහපැහැය               ජය අංකය 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766765353


News Articles
Latest Videos
Most Popular Post