News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
11

බෙංගාල බොක්කේ අඩු පීඩනයක්. ඉදිරි දින වලදී ලංකාවේ කාලගුණයට වෙනදේ මෙන්න.

1516 Views


බෙංගාල බොක්කේ අඩු පීඩනයක්. ඉදිරි දින වලදී ලංකාවේ කාලගුණයට වෙනදේ මෙන්න.

මේ දවස් වල ලංකාවේ කාලගුණය අයෙත් කැළඹිලා තියෙන්නේ. දිවයිනේ දකුණු අර්ධයට තද වැසි සමග තද සුළං ඇති වීමේ අනතුරු ඇගවීම් කාලගුණ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කිව්වේ ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්න කියලා.

නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලටත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත‍්‍රික්කවලටත් විටින්විට තද වැසි ඇතිවෙන්න පුළුවන්. අනිත් ප‍්‍රදේශවලට සවස 2.00 න් පමණ පස්සේ වැසි ඇති වෙන්න පුළුවන්. ඌව, සබරගමුව, දකුණු පළාත්වලටත් අම්පාර, මඩකලපුව යන දිස්ත‍්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි.

මේ අතර ඉන්දීයාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ වෙරළබඩ ප‍්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා එරට කාලගුණ අංශ අනාවරණය කර ගෙන තියෙනවා.ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරේ ඉදිරි පැය 48ක කාලය තුළ බෙංගාල බොක්ක ආශ‍්‍රිතව අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ඒ නිසා දකුණු ඉන්දියාවට, මාලදිවයිනට සහ ශ‍්‍රී ලංකාවට ඉදිරි දින තුන තුළ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇති විය හැකි බව ඉන්දීය කාලගුණ අංශ පවසනවා


News Articles
Latest Videos
Most Popular Post