ජපානය සහ ශ්‍රී ලංකාව අතර තියෙන්නේ ලොකු මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වය තවත් වර්ධනය කර ගන්න ජනාධිපතිතුමා අද ජපානයේ සංචාරයක නිරත වුනා. ලබන 17 වෙනිදා දක්වා එතුමා ජපානයේ රැඳී සිටින්න නියමිතයි.
මාර්තු 13 වෙනිදා ජපානයේ අකිහිතෝ අධිරාජයා සහ ජානධිපතිතුමා අතර හමුවකුත් පවත් වෙනවා. ඒ වගේම 14 වෙනිදා ජපන් අගමැතිවරයා හමුවන්න නියමිතයි. සාකච්ඡා වලින් පස්සේ ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකුත් පවත් වෙනවා.
සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා) අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතයි.
ජපන් විදේශ වෙළෙඳ සංවිධානය (ජෙට්රෝ) විසින් සංවිධානය කරනු ලබන, ජපන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ තෝක්යෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සම සත්කාරකත්වය දරන ව්‍යාපාරික රැස්වීමකටද ජනාධිපති සිරිසේන මහතා සහභාගී වෙනවා.
ඒ වගේම ජපානයේ වෙසෙන ශ්‍රී ලංකාවේ ජනතාව මුණගැහෙන්නත් අමතක කරලා නෑ.