News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

ලංකාවට බලපෑම් කල අඩු පීඩන තත්වය අරාබියට යයි.

602 Views


ලංකාවට බලපෑම් කල අඩු පීඩන තත්වය අරාබියට යයි.

මීට දින කිහිපයක ඉඳන් ශ්‍රී ලංකාවට නිරිත දිගින් බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වයක් නිර්මාණය වුනා. මේ වෙද්දී ඒ අඩු පීඩන තත්වය තියෙන්නේ කොළඹ ඉදන් කිලෝමීටර 550 ක් දුරින් ස්ථාන ගත වෙලා. හැබැයි එය ලංකාවෙන් ඉවත් වෙලා අරාබි මුහුද පැත්තට ගමන් කරවී කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන්නේ.

ඒ නිසා දිවයිනට ඉන් ඇති වෙන බලපෑම අඩුවෙලා යනවා. කොහොම වුනත් උතුරු, නැගෙනහිර, උතුරු මැද,ඌව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. අනිත් ප්‍රදේශවල සවස 2.00 න පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.

විශේෂයෙන් වව්නියාව, මන්නාර, පුත්තලම, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල (මි.මි 75 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. උතුරු මැද පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං හමන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post