පහුගිය දවස්වල රටේ ඇතිවුන නොසන්සුන්කාරී තත්වයත් එක්ක හදිසි නීතිය පනවන්න ජනාධිපතිතුමා කටයුතු කරා. දවස් 7 ක් සඳහා පැනවූ හදිසි නීතිය අවසන් වෙන්න තිබ්බේ අද.
හදිසි නීතිය ඉවත් කරන්න නම් ඒ සඳහා අදාල ගැසට් පත්‍රය ජනාධිපතිවරයා අත්සන් කරන්න ඕන. නමුත් මේ වෙද්දී ජනාධිපතිවරයා ඉන්නේ ජපානයේ සංචාරයක නිරත වෙමින්. ඒ නිසා එතුමා නැවත පැමිණෙන තෙක් හදිසි නීතිය ලංකාවටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වෙන බවයි ජනාධිපති ලේකම්වරයා සියත FM ප්‍රවෘත්ති අංශයට සඳහන් කරේ.
ජනාධිපතිතුමාගේ ජපන්න සංචාරය අවසන් කරලා ලංකාවට එන්නේ ලබන 17 වෙනිදා. ඒ නිසා ලබන 17 වෙනිදා දක්වා හදිසි නීතිය බලපවත් වෙනවා.