ශී‍්‍ර ලංකාව සහ බංගලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ඇති වූ උණුසුම් සිද්ධීන් පිළිබදව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.
ඊයේ පැවති තරගයේබංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක‍්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණා. ඒ හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදුවුණා.
අදාළ සිදුවීමෙන් අනතුරුව බංගලාදේශ ක‍්‍රීඩකයින් කොළඹ, ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර තිබෙනවා.
මේ අතර, අලාභහානි වූ විවේකාගාරයේ දේපළ සදහා මුදල් ගෙවන බව බංගලාදේශ කි‍්‍රකට් කළමණාකාරීත්වය මේ වනවිට ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.