News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

Facebook වලට අළුත් අයිතිකාරියක් බිහිවෙයි, සකර්බර්ග් ලිපියකින් සුභපතයි.

1634 Views


Facebook වලට අළුත් අයිතිකාරියක් බිහිවෙයි, සකර්බර්ග් ලිපියකින් සුභපතයි.

මේ වෙද්දි ලොකේ ජනප්‍රියම සහ වැඩිම පිරිසක් පාවිච්චි කරන සමාජ ජාලය තමයි Facebook . FB හදපු සකබර්ග් මේ වෙද්දි ඩොලර් බිලියන 69.5 ක සල්ලි කාරයෙක්. Facebook නිසා හම්බ කරපු මේ සල්ලි වලට ඉස්සරහට මාක් කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන එක මේ වෙද්දී ලෝකෙටම ලොකු ප්‍රශ්නයක්. සම්ප්‍රධායට අනුව නම් මාක් ගේ දේපල ඊළගට අයිති වෙන්නේ දුව මැක්සිමාට.

හැබැයි ඊයේ Facebook වලට තවත් අයිතිකාරියක් බිහි වුනා. මොකද සකර්බර්ග් ආපහු තාත්තා කෙනෙක් වුනා. හැබැයි එයත් දුවෙක්. අගෝස්තු මාසේ ඉපදුන හින්දා එයාට නම දාලා තියෙන්නේ August කියලා. ඉතින් සාමාන්‍යයෙන් FB එකේ ඉන්න තාත්තා කෙනෙක් වගේම සකර්බර්ග් මේ සතුට තමන්ගෙ FB එකේ සටහනක් දාලා තිබුනා. සටහනක් කිව්වට ඒක ටිකක් දිග ලියුමක්. තාත්තා කෙනෙක් වුන සතුට සහ තවත් දුවෙක් වෙනුවෙන් හිතේ තිබුන සංවේදී අදහස් ඔහුගේ FB එකට Wall Post එකක් විදිහට දාලා තිබුනා. මේ ලියුම අවසන් කරලා තිබුනේ ” අපි ඔබට ප්‍රීතිය , ආදරය සහ ඔබ දෙන එකම බලාපොරොත්තුවයි. ආදරණීය, අම්මා සහ තාත්තා ” කියල.

https://www.facebook.com/4/posts/10103996712572761/

 

කොහොම වුනත් ඔන්න දැන් නම් සකර්බර්ගේ දේපල ගැන උනන්දුවෙන් ඉන්න අයට තිබුන ප්‍රශ්නේ තවත් වෙලා තියෙනවා. මොකද දුවල දෙන්නනම කසාද බැන්දම තාත්තාගෙන් ලැබෙන ඔක්කොම දේපල ටිකේ අයිතිය යන්නේ බෑනාවරුන්ට නිසා, Facebook එකත් පිට යයිද කියලයි හැමෝමටම ප්‍රශ්නේ.

 

 


News Articles
Latest Videos
Most Popular Post