News Line| Off Air| Games
Generic placeholder image

Mar
19

වැවට වැටුණු සුපිරි BMW රථයේ හිමිකරු මෙන්න

823 Views


වැවට වැටුණු සුපිරි BMW රථයේ හිමිකරු මෙන්න

අද කාලයේ පාපැදියක් වත් කවුරුවත් අතහැරලා දාන්නේ නෑ. ඒ තරමටම වාහන වටිනාව. හැබැයි පහුගිය දවසක් අලුත්ම BMW i8 මෝටර් රථයක් තලවතුගොඩ වැවක දාලා ගිහින් තිබ්බා. මේ මෝටර් රථය අනතුරකට ලක්වෙලා තමයි වැවට වැටිලා තියෙන්නේ. ඒ වුනත් උදේ මිනිස්සු මේ වාහනය දකිද්දී අයිතිකාරයෙක් නම් මේ වාහනයේ හිටියේ නෑ. වාහනය පදවපු කෙනා වාහනය අතහැරලා ගිහින් තිබ්බා.

මේ මෝටර් රථයේ අයිතිකාරයා ගැන එක එක කතා පැතිරුණා. එජාපයේ ප්‍රභල ඇමතිවරයෙකුගේ හිතවතෙකුට මේ රථය අයිති කියලත් කියවුණා. කොහොම වුනත් කබීර් හෂීම් අමාත්‍යවරයා මේ ගැන සටහනක් තියලා තිබ්බා. ඔහු කිව්වේ මේ මෝටර් රථය අයිති තමාගේ නෑදෑයෙක්ට කියලා. හැබැයි ඔහු ඇමතිවරයාගේ දේශපාලන වැඩ වලට කිසිම සම්බන්ධයක් නෑ කියලත් කිව්වා.මේ ගැන කරන ඕනෑම පර්ක්ෂණයකට සහය දෙනවා කියලා =ත් ඇමතිතුමා වැඩිදුරටත් සඳහන් කරා.

පොලිසිය පැවසුවේ මේ මෝටර් රථය වැවට වැටෙන්න කලින් තවත් මෝටර් රථ 2 ක හැපිලා තියෙනවා. වාහනය පදවපු පුද්ගලයා බිමත්ව, අපරික්ශාකරිව තමයි ධාවනය කරලා තිබ්බේ.

මේ තියෙන්නේ කබීර් හෂීම් අමාත්‍යවරයා ඒ ගැන තබපු Facebook සටහන.


News Articles
Latest Videos
Most Popular Post