News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පාසල් ශිෂ්‍යාවක්.

846 Views


නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පාසල් ශිෂ්‍යාවක්.

මේ සැරේ පළාත් පාලන ඡන්දයෙන් නාත්තණ්ඩිය ප්‍රාදේශීය සහාවට පාසල් ශිෂ්‍යාවක් තේරිලා තියෙනවා. ඒ ලැයිස්තුගත මන්ත්‍රීවරියක් විදියට. එකසත් ජාතික පක්ෂය තමයි ඇයව මේ විදියට තෝරා ගෙන තියෙන්නේ.

18 හැවරිදි චන්දි ප්‍රභා තෙන්නකෝන් තමයි මේ විදියට තේරී පත්වෙලා තියෙන්නේ. ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විද්‍යා විෂය හදාරන ශිෂ්‍යාවක්. මේ අවුරුද්දේ පැවැත්වෙන උසස්පෙළ විභාගයත් ඇය පෙනී සිටින්න නියමිතයි.

පහුගිය දා පැවති පළාත් පාලන ඡන්දයෙන් ඇය කුඩාවැව කොට්ඨාශයට තරඟ කළා. හැබැයි ඇයට ජයග්‍රහණය කරන්න බැරි වුණා. ඒ වුනත් ලැයිස්තුගත මන්ත්‍රීවරියක් විදියට එකසත් ජාතික පක්ෂය ඇයව තෝරා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post