ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කරල තියෙනවා. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම බලපැවැත්වෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100 ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා.
අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගිහින් තියෙනවා.