News Line| Off Air
Generic placeholder image

Mar
26

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපති හා දැන් ජනපති අතර එකගතාවයක්.

819 Views


අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපති හා දැන් ජනපති අතර එකගතාවයක්.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී කතානායකවරයාට බාර දීලා තියෙන්නේ. දැන් හැමෝම බලාගෙන ඉන්න දෙයක් තමයි කවුරු මේකට අත්සන් කරාවිද, නැද්ද කියලා.

මේ අතරේ හිටපු ජනාධිපතිතුමා සහ වත්මන් ජනාධිපතිතුමා අතර එකඟතාවක් ඇති කරගෙන තියෙනවා. යෝජනාව භාරදුන් බදාදාත් ඊට පෙරදාත් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මේ ගැන දුරකතනයෙන් කතා බහ කරලා තියෙනවා. විශ්වාසභංග යෝජනාවට දෙපක්ෂයේ මන්ත්‍රීන් එකඟත්වයෙන් කටයුතු කළයුතු ආකාරය ගැන අදහස් හුවමාරු කර ගෙන තියෙනවා කියලයි ආරංචි වෙන්නේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සක්‍රීය බැරකම් පනත රටට සහ ආර්ථික ක්‍රියාවලියට ලොකු හානියක් කරන නිසා එය අත්හිටුවන ලෙස හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිගෙන් ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post