දැන් හොරු වැහි වැහලා. කොටින්ම කියනව නම් අපි නිතර යන එන Internet එකෙත් හොරු ඉන්නවා. එයාලට කියන්නෙ හැකර්ස්ලා කියලා. ලංකාවේ නම් ඉතිං හැකර්ස්ලා කියන්නෙ FB එකෙන් Log Out වෙන්න අමතක වුනාම අපේ Profile එකට මොකක් හරි කැත Photo එකක් දාලා Status දාන අයට.
එත් ලෝකේ ඉන්න හැකර්ස්ලා නම් එහෙම නෑ. එයාලට පුළුවන් Log Out වෙලා තියෙන Account එකකට Log වෙන්න. ඊට පස්සෙ ඔබේ පුද්ගලික දත්ත ඔක්කොම ටික ගන්නවා.
මේ ලගදිත් එහෙම ලොකු හොරකමක් නෙදර්ලන්තයේ හැකර්ස්ලා කරලා තිබ්බා. ඔවුන් Email Account මිලියන 700 ක් විතර හැක් කරලා තොරතුරු අරගෙන තියෙනවා. ඊට පස්සෙ නිකන් ඉදලත් නෑ. ඒවා ඕන කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න අන්තර්ජාලයට මුදා හැරලා. හැකර්ස්ලාමේ වැඩේ කරලා තියෙන්නෙ Spam bot කෙනෙක් හරහා. ඕස්ට්‍රේලියාවේ පරිගණක ආරක්ෂක විශේෂඥයෙක් වන Troy Hunt තමයි මේ හොරකම අනාවරණය කරලා තියෙන්නෙ.
Spam bot කෙනෙක් කියන්නෙ ස්වයංක්‍රීයව Email හොයල Spam Email යවන Software එකකට. මේ Spam bot එවපු Email එකක් ඔබ Click කරොත් ඔබේ Email Password එක, බැංකු තොරතුරු වගේ දේවල් හොරෙන්ම අරන් ගබඩා කරනවා. ඒ නිසා ඔබට එන Email වල තියෙන Link වලට යන්නෙ බලාගෙන.
සමහර විට මේ වෙද්දි ඔබේ Email එකත් හැක් කරලා ඇති. හැබැයි කලබල වෙන්න එපා. පහළ තියෙන Link එකට ගිහින් ඔබට බලාගන්න පුළුවන් ඔබේ Email එකත් හැක් වෙලාද කියලා. එහෙම නැත්තම් දැන්ම ඔබේ Email Account එකේ Password එක මාරු කරන්න.