News Line| Off Air
Generic placeholder image

Mar
30

“වෙසක්, පොසොන් පෝයට තොරණ ප්‍රදර්ශනය තහනම් කරලා නෑ.” – බුද්ධශාසන ඇමති සියතට කියයි. – Exclusive

5539 Views


“වෙසක්, පොසොන් පෝයට තොරණ ප්‍රදර්ශනය තහනම් කරලා නෑ.” – බුද්ධශාසන ඇමති සියතට කියයි. – Exclusive

වෙසක් සහ පොසොන් කියන්නේ බෞද්ධයන්ට සුවිශේෂී වුන පෝය දෙකක්. ඒ නිසා මේ පෝය දෙකට වෙනදාත් වඩා බෞද්ධයන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් වෙසක්, පොසොන් පෝයට වෙසක් කුඩු, තොරණ, දන්සැල් කියන්නේ සාමාන්‍ය දෙයක්.

විශේෂයෙන්ම වෛවර්ණ ආලෝකයෙන් වර්ණවත් වුන තොරණ සුවිශේෂීම අංගයක්. හැබැයි වෙසක් සහ පොසොන් පෝය දිනවල තොරණ ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න රජය තීරණය කලා කියලා ප්‍රචාරයක් මේ වෙද්දී යනවා. මේ කතාවේ ඇත්ත නැත්ත අපි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගෙන් ඇහුවා. එතුමා කිවී එහෙම කිසිම තහනමක් පනවලා නෑ කියලා. වෙසක් සහ පොසොන් උත්සව සතියක් පුරාවට තියෙන නිසා පෝය දවසට විතරක් තොරණ ප්‍රදර්ශනය කරන්න එපා කියලා ඉල්ලීමක් විතරක් කරනවා කියලා.

මේ ඉල්ලීමට හේතුව විදියට එතුමා කිව්වේ පෝය දවස්ට බෞද්ධ සැදැහැවතුන් පන්සල් යනවා වෙනුවට තෝරන් බලන්න විතරක් යනවා කියලා. පෝය දවසේ හවසට තරුණයන් පන්සල් වලට ගෙන්වා ගන්න මේ ඉල්ලීම කරනවා කියාලා. ඒ නිසා පෝයට පසුදින සිට තොරණ ප්‍රදර්ශනය කරන්න කියලා බුද්ධශාසන අමාත්‍යවරයා කිව්වා. ඒ වගේම ප්‍රතිපත්ති පූජා සඳහා ජනතාව පොලොඹවන්න තවත් යෝජනා රැසක් ගෙන එනවා කියලා එතුමා වැඩි දුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post