පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ දිනවල ඔස්ට්‍රේලියාවේදී පැවැත් වෙනවා. තරඟාවලියේ පළවෙනි දවසෙම ලංකාවට පදක්කම් දෙකක දිනා ගන්න පුළුවන් වුණා. මේ පදක්කම් දෙකම ලැබුනේ බර ඉසිලීමේ ඉසව්වෙන්.
ඊයේ උදේ බර කිලෝග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම චතුරංග ලක්මාල් දිනා ගත්තා. ඒ වගේම ඊයේ හවස තවත් ලෝකඩ පදක්කමක් ලංකාවට දිනා ගන්න පුළුවන් වුණා. ඒ කාන්තා කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන්. දිනුෂා ගෝමස් තමයි මේ පදක්කම දිනා ගත්තේ.