News Line| Off Air
Generic placeholder image

Apr
7

දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය වසර 24 කට හිරේ.

551 Views


දකුණු කොරියාවේ හිටපු ජනපතිනිය වසර 24 කට හිරේ.

දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාර්ක් ගන්-හේ බලය අයුතු ලෙස පරිහරණය කිරීමට සහ බලහත්කාරයට වැරදිකාරිය වීම හේතුවෙන් වසර 24 ක සිර දඬුවමකට යටත් කරා. සිර දඬුවමට අමතරව වොන් බිලියන 18 ක දඩයක් (ඩොලර් මිලියන 17) දඬුවමකුත් ඇයට නියම කරා.

හිටපු ජනපතිනී පාර්ක් ගන්-හේ ට චෝදනා 18 ක් එල්ල වුණා. ඉන් 13 කටම ඇය වැරදිකාරිය වුණා. හිටපු දකුණු කොරියානු නායිකාවගේ දූෂණවලට මූලික හේතුව මිත්‍ර සබඳතා බව හෙළිවෙලා තියෙනවා.

ඇයගේ මිතුරියක් වූ චොයි සූන්-සිල් (Choi Soon-sil) සමග එක්වී පාර්ක් ගන්-හේ දේශපාලන උපකාර සඳහා මුදල් රැස්කර ඇති බවට ඔප්පු වුණා.


News Articles
Latest Videos
Most Popular Post