News Line| Off Air
Generic placeholder image

Apr
7

අද හවසට කාලගුණයේ අමුතු වෙනසක්. විස්තරය මෙන්න.

845 Views


අද හවසට කාලගුණයේ අමුතු වෙනසක්. විස්තරය මෙන්න.

මේ දවස්වල ලංකාවේ කොහේ ගියත් තියෙන්නේ පුදුම රස්නයක් නේද? මේකට හේතුව අප්‍රේල් මාසේ වෙද්දී ශ්‍රී ලංකාව සමකයට ආසන්නව හිරු මුදුන්වීම කියලයි කාලගුණ දෙපාර්තමේන්තුව කිව්වේ. එත් ඔන්න අද (07) දවල් වෙද්දී මේ කාලගුණ තත්වයේ වෙනසක් වෙලා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වේ. මේ තියෙන්නේ අද දවල් 12:00 පැයට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අනාවැකිය.

                                                       මහජනයා සඳහා කාලගුණ අනාවැකි

2018 අප්‍රෙල් මස 07වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදි.

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසිතත්වයේ වැඩිවීමක් (විශේෂයෙන් නැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශවල) බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දකුණ, නැගෙනහිර සහ ඌව පළාත් වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සමහර ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සමහර ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ද බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (08) දහවල් 12:11ට මිනුවන්ගොඩ, කටුනායක, මොරොන්තොට, ගම්පොළ, හඟුරන්කෙත, රදලියගොඩ සහ පිටකුඹුර යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.


News Articles
Latest Videos
Most Popular Post