News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

පෙම්වතා හෝ පෙම්වතිය ගැන ගෙදරට කියන්න හොඳ දවසක්. වැඩි විස්තර මෙතනින් බලන්න.

1544 Views


පෙම්වතා හෝ පෙම්වතිය ගැන ගෙදරට කියන්න හොඳ දවසක්. වැඩි විස්තර මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 01 සිකුරාදා

රාහු කාලය: පෙ.ව 10.38 සිට ප.ව 12.10

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

මේෂ ලග්නය

පහුගිය දවස්වල ඇතිවුණු පිඩාකාරී ස්වභාවය යම් ප්‍රමාණයකට සමනයකට පත් වෙන දිනයක්. ගෘහාශ්‍රිත කටයුතු ක්‍රමානුකුලව දියුණු කර ගැනීමේ හැකියාව යාන වාහන අලුත්වැඩියා කිරීම් වැනි කටයුතු වලින් ලාභ ලබා ගැනීමේ හැකියාව අද දවස පුරාම පවතිනවා. කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙවී. ඥාති හිතමිත්‍රාදීන්ගේ ඇසුර අලුත් කර ගන්න පුළුවන් වාසනා ශක්තිය පවතිනවා. ඒ වගේම ඔවුන්ගෙන් බොහෝ දේවල් දිනා ගන්න තමන්ට අහිමි වුණු දේවල් යලි ලගා කරගන්න පුළුවන් දිනයක්. අධ්‍යාපනික කටයුතු වලට නම් පුංචි පුංචි බාධාකාරී තත්ව තවමත් උදා වෙලා පවතිනවා. පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව ග්‍රහ ශාන්තිකර්ම වලින් වැඩි වාසනාවක් පවතිනවා.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 03

 

වෘෂභ ලග්නය

මානසික පිඩාකාරී ස්වභාව ඇතිවීමේ අවධානමක් පවතිනවා. විශේෂයෙන්ම දුරදිග නොබලා ඔබ විසින් ගන්න තීන්දු තීරණ නිසා ඔබගේම කටයුතු හානි කරගන්නවා. මව්පස ඥාතීන්ගේ පවා විරෝධතා එල්ල වීමේ අවධානමක් පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. කලාකාමී කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. කොහොම උනත් අන් අය කියන දේ අහන්නේ නැති කමක් මුරණ්ඩු හිතුවක්කාර ගතියක් උදා වෙනවා. මේ නිසාම සිතේ සතුටටත් බාධා ඇති වෙනවා වගේම අසල්වාසීන්ගෙන් පවා චෝදනා එල්ල වීමේ අවධානමක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: ලානිල් පැහැය                       ජය අංකය: 08

 

මිථුන ලග්නය

ඔබ තුල අලුත් අදහස් ඇති වෙනවා. ඒ අදහස් සාර්ථකත්වයට පත් වෙනවා.හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලට වුවත් ඉතාමත්ම යෝග්‍යයි. යාළු හිතමිත්‍රාදීන්ගේ තමන්ගේ විවාහ සහකරු හෝ සහකාරියගේ උදව් උපකාර නිරන්තරයෙන්ම හිමි වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් පුංචි පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. අනිසි මුදල් වියදම් වීමේ ඉඩකඩක් පවතිනවා. දකින දකින දේ මිලදී ගන්න සිත දිව යනවා. මේ නිසා සිත පාලනය කර ගන්න. ආහාර මාර්ග ආශ්‍රිත රෝගී තත්ව වගේම කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ අවධානම පවතිනවා. ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය             ජය අංකය: 09

කටක ලග්නය

තමන්ගේ අදහස් කැමති ආකාරයට ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා. අලුත් පොත්පත් ලියන්න කියන්න හැකියාව උදා වෙනවා. සතුරු වෙලා ඉන්න පිරිසක් වුවත් මිතුරු කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. වාග් ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. ආවේගශීලි ගති ලක්ෂණ විටින් විට ඉස්මතු වීමේ ගති ලක්ෂණ පවතිනවා. කල්පනාකාරීව ඒවා පාලනය කරගන්න. සෙම් සහිත රෝග වලින් තමයි වැඩි බලපෑමක් ඇති කරනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                    ජය අංකය: 05

 

සිංහ ලග්නය

අධ්‍යාපනය ලබන වයසේ දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නම් බොහොම පහසුවෙන් සාර්ථක කර ගත හැකියි. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් සිටියා නම් එවැනි කටයුතු සාර්ථක කර ගන්න පුළුවන්. ආත්මාරක්ෂාව සදහා ඔබ විවිධ වූ ක්‍රමවේද අනුගමනය කරාවි. එවැනි ක්‍රමවේද නිසා අන් අයට හානිදායක තත්වයක් පවතිනවා. රිය ධාවනය වැනි කටයුතු වලින්සෙම් සහිත රෝග වලින් යම් පිඩාකාරී ස්වභාවයක් උදා වෙනවා. වචන භාවිතා කිරීමේදී ඔබේ හැකියාව ඉස්මතුවන ආකාරයේ වචන භාවිතා කර අන් අය වසග කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ ගණිත මිණිත හැකියාව අද දවසේ උසස් මට්ටමක පවතිනවා. ඒ නිසා අන් අයට වඩා ඉක්මනට ප්‍රභලව තමන්ගේ කටයුතු කර ගන්න පුළුවන්.

ජය වර්ණය: රන්වන්පැහැය                       ජය අංකය: 01

 

කන්‍යා ලග්නය

අලුත් ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සදහා ඉතාමත්ම යෝග්‍ය දිනයක්. තමන්ගේ ගෘහාශ්‍රිත පරිසරය නිරවුල් කර ගන්න අලංකෘත කරගන්න ඒ වගේම අලුත් දේවල් නිවසට එකතු කරගන්න අද දවස ඉතාමත්ම යහපත්. ඥාති හිතමිතුරන් සමග විනෝද ගමන් යන්න වගේම ඔවුන් සමග සුහද ලීලාවෙන් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔබගේ පරිනත ලීලාව මුල් කර ගෙන අන් අය ඔබගේ බසට අවනත කර ගන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු කලාත්මක කටයුතුත් සෞන්දර්යාත්මක කටයුතු වල නිරත වෙලා ඉන්න ඔබට අද දිනය සුභයි. තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය පිලිබදව නිවසට දැනුම් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එවැනි කටයුතු සදහා අද දිනය යෝග්‍යයි. පාද ආශ්‍රිත රෝග වගේම පපුව ආශ්‍රිත රෝග තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා.

ජය වර්ණය: ලා කොළපැහැය                    ජය අංකය: 08

 

තුලා ලග්නය

බොහෝ කටයුතු සාර්ථකත්වයට පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. සිතු පැතු සම්පත් ලබාදෙන දිනයක්. ඔබට අද දිනයේදී හදිසි ලැබීම තියෙනවා. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව පැන නගීවි. අසල්වාසීන්ගේ උදව් උපකාර ඔබ රැකියාව කරන ස්ථානයේ වෘත්තිමය කටයුතු වල නිරත වෙලා ඉන්න තැන පරිසරය සෞම්‍යව පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. උපදේශනාත්මක වෘත්තීන් වලත් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. දුර බැහැර ගමන් යන්න ඔබට ආරාධනා ලැබෙනවා. අන් අයත් සමග සතුටු වෙන්න පුළුවන් කටයුතු වල තමයි නිතර ඔබට යෙදෙන්න වෙන්නෙ. ආර්ථික මට්ටම ඉතා යහපත්. අලුත් ඇදුම් පැළදුම් ආදී දේවල් මිලදී ගන්න ඔබේ සිත යොමුවන දිනයක්.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 09

වෘශ්චික ලග්නය

 

පෙර පින ඉස්මතු වෙනවා වගේම මව් දෙමාපියන්ගේ ආශිර්වාදයත් නිරන්තරයෙන්ම ඔබට යොමු වෙනවා. ඇතැම් විට සමාජශීලි කටයුතු වලින් ඔබට මානසික පිඩාකාරී ස්වභාවයක් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත්. බොහෝ දේවල්වලට ඔබටම මුල් වෙන්න සිදු වෙනවා වගේම ඔබ අතින්ම වියදම් කිරීමට සිදු වෙනවා. මුදල් පසුම්බිය පිලිබදව සැලකිලිමත් වන්න. දණහිස ආශ්‍රිත රෝග තත්වයකින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඒ පිලිබදව සැලකිලිමත් වන්න. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් වගේම රාජ්‍ය අර්ධ රාජ්‍ය කටයුතු වලින් යාන වාහන ආශ්‍රිත කටයුතු වලින් බොහෝ දියුණුවක් ඇති කරගත හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලටත් යහපත්.

ජය වර්ණය: විසිතුරුපැහැය                        ජය අංකය: 03

 

ධනු ලග්නය

පුංචි පුංචි බාධාකාරී තත්ව විටින් විට ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. වැඩි කල්පනාවකින් තොරව දුරදිග නොබලා කරන කටයුතු වලින් තමන්ගේ ආර්ථික ශක්තියට වගේම තමන්ගේ පෞරුෂයටත් හානි සිදු වෙනවා. ඒ නිසා විමසීමකින් තොරව කෙනෙකුට පොරොන්දු වීම අද දවස එතරම් යහපත් වෙන එකක් නෑ. අතින් මුදල් පාඩු කර ගන්නවා වගේම තමන්ට තිබුන තත්වය අහිමි වී යාමේ අවධානමකුත් පවතිනවා. ඒ නිසා කල්පනාකාරී වන්න. සැලකිලිමත් වන්න.තමාගේ ආර්ථික ශක්තිය කළමනාකරණය කර ගන්න නම් යහපත් දවසක්. මානව සම්පත් කළමනාකරණය පරිපාලනමය කටයුතු වලට ක්‍රිඩාශීලි කටයුතු වලට යෝග්‍යයි.

ජය වර්ණය: දීප්තිමත්කහ පැහැය               ජය අංකය: 09

මකර ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා වගේම අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබගේ ජීවිතය ආශ්‍රිතව බාධාකාරී තත්ව තිබුණානම් බොහොම පහසුවෙන් අද දවසේ ඒවා දුරු කර ගැනීමට හැකියි. ප්‍රේමනීය සම්බන්ධතා වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබ යම් මුදලක් දීලා එය පෙරලා ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් හිටියා නම් ඔන්න අද දවසේදී ඔබට එය හිමි වෙනවා. ණය මුදලක් අපේක්ෂා කලා නම් ඒ ණය මුදල ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. රැකී රක්ෂා කටයුතු ආශ්‍රිතව නම් තරමක කාර්යබහුල ස්වභාවයක් ඇති කරනවා. ඉදිකිරීම් සම්බන්ධ කටයුතු වලත් පුංචි හෝ දියුණුවක් ඇති වෙනවා. කලාකාමී කටයුතු වලට වගේම සන්නිවේදනය තොරතුරු තාක්ෂණය වැනි කටයුතු වලටත් ඉතාමත්ම යහපත් දිනයක්. උෂ්ණගත රෝග වලින් තමයි දිනයට බාධා එල්ල වෙන්නෙ.යටි පතුල් මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව වලින් පිඩා ගෙන දෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 03

 

කුම්භ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වෙනදට වඩා උනන්දුවක් ඔබ තුල නිර්මාණය වෙනවා. අලුත් යාලු හිතමිත්‍ර සම්බන්ධකම් ගොඩ නගා ගැනීමේ වාසනා ශක්තිය උදා වෙලා තියෙනවා. තමන් කරන කටයුතු වලින් අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ ඉඩකඩ පවතිනවා. ජලය සම්බන්ධ කටයුතු ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කර ගැනීමේ ඉඩකඩ ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. ඒ වගේම සෞන්දර්යාත්මක පරිසර වල ජිවත් වෙන්න කැමැත්තක් දැක්වුවා නම් අද දවසේ එවැනි සිහින සැබෑ වෙනවා. මානව සම්පත් කළමනාකරණය පොදු කටයුතු අන් අයට උදව් උපකාර කිරීම් වැනි කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්.

ජය වර්ණය: ලාරතු පැහැය                        ජය අංකය: 09

 

මීන ලග්නය

තමන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය පිලිබදව තමයි වැඩි අවධානයක් යොමු කල යුතුයි. තමන්ගේ ලිපිලේඛන වලට පුංචි පුංචි හානිකාර තත්ව ඇති විය හැකියි. රැකී රක්ෂා වෙළදාම් කටයුතු නම් බොහොම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. මානව සම්පත් කළමනාකරණය සේවා සැපයීම වැනි කටයුතු වල පැහැදිලි දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. පුංචි පුංචි ගමන් යන්න ඔබට ආරාධනා ලැබේවි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව මුල් කරගෙන ඔබගේ කටයුතු වලටත් යම් බාධාකාරී තත්ව නිර්මාණය වෙනවා. වියදම් පාර්ශවය අවම කරගන්න නම් ඒ පිලිබදව සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා දම්පැහැය             ජය අංකය: 07

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post