News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

කෝලි Out කරපු මාලිංගව රෝහිත් ෂර්මා බදා ගත්තේ ඇයි?

4541 Views


කෝලි Out කරපු මාලිංගව රෝහිත් ෂර්මා බදා ගත්තේ ඇයි?

අපේ ක්‍රිකට් වල ලජ්ජා සහගතම පරාජය ඊයේ සිද්ධ ලැබුනා. ඒ ඉන්දියාව එක්ක තිබුණ 4 වෙනි එක්දින තරගය ලකුණු 168 ක දැවැන්ත පරාජයක් ලබාගෙන. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ආරක්ෂාවක් ලබාදීපු තරගය විදියටයි ඊයේ තරගය ආරම්භ වුණේ.

කාසියේ වාසිය දිනා ගත්ත කෝලි මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ධවාන් පලවෙනි කඩුල්ල විදියට ලකුණු 4 කට දැවී ගියා. ඒ වුනත් කොලිගෙන් සහ ෂර්මාගෙන් නම් ලංකාවේ පන්දු යවන්නන්ට සමාවක් ලැබුණේ නෑ. හයේ හතරේ පහරවල් වලින් පිටිය දෙවනත් කරපු ඔවුන් දෙදෙනා ලකුණු 219 ක දැවැන්ත සබදතාවක් ගොඩනැගුවා. කෝලි ලකුණු 131 යි. ඒ හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් එක්ක. රෝහිත් ෂර්මා ලකුණු 104 යි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අයෙත් දණ ගස්සවන්න ඊට පස්සෙ පිටියේ එකතු වුන දෝනි සහ පාන්ඩේ සමත් වුණා. ඔවුන් දෙදෙනාත් වේගවත් ලකුණු 101 ක නොබිදුන සබදතාවක් ගොඩනැගුවා.පාන්ඩේ ලකුණු 50 යි. දෝනි ලකුණු 49 යි.

ශ්‍රී ලංකාවට සතුටු වෙන්න ලැබුණ එකම අවස්ථාව වුණේ මාලිංග කඩුලු 300 සම්පුර්ණ කරපු එක විතරයි. විරාත් කෝලිව තමයි මාලිංග 300 වෙනි කඩුල්ල විදියට දවා ගත්තෙ. ඒ කඩුල්ල දවා ගත්ත වෙලාවේ පිටියේ පන්දුවට පහර දෙමින් හිටපු රෝහිත් ෂර්මා දුවගෙන ඇවිත් මාලිංගට සුභ පැතුවා. හාර්දික් පාන්ඩයාත් පන්දුවට පහර දෙන්න ආපු වෙලාවේ මාලිංගට සුභ පැතුවා. ඒ මාලිංග IPL තරගාවලි වලදී නිතර හම්බවෙන හිත හොද යාලුවෙක් නිසා වෙන්නැති. ලංකාවේ සියලුම පන්දු යවන්නන්ට මදි නොකියන්න පහර දෙන්න ඉන්දීය පිතිකරුවෝ අමතක කරේ නෑ. සුපුරුදු පරිදි වාර්තා රැසක් මේ තරගයේදීත් පිහිටුවන්න දෙපිලටම පුළුවන් වුණා. මේ තියෙන්නෙ ඒ වාර්තා.

* ලංකාව මව් රටේදී ලබපු දැවැන්තම පරාජය තමයි ඊයේ අත්වින්දේ.
* ලංකාව ඉන්දියාවට එරෙහිව තරගයක් පැරදුන තුන්වෙනි වැඩිම ලකුණු ගාණ 168.
* ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින කඩුලු 300 පහු කරපු 4 වෙනි පන්දු යවන්නා විදියට මාලිංග වාර්තා අතරට ගියා.
* වැඩිම ශතක ලාභීන් අතර ලෝකෙන්ම තුන්වෙනියා වෙන්න ඊයේ ලබා ගත්ත 29 වෙනි ශතකය එක්ක කෝලිට පුළුවන් වුණා.
* වැඩිම තරගයේ වීරයා සම්මාන දිනා ගත්ත ඉන්දියානු ක්‍රීඩකයෝ අතර 4 වෙනියා වෙන්නත් කෝලිට පුළුවන් වුණා.
* ශ්‍රී ලංකාවේ පැවැත්වුන තරගාවලියකදී පන්දු යවන්නෙක් ලබාගත්ත තුන්වෙනි වැඩිම කඩුලු සංඛ්‍යාව විදියට බුම්රා මේ තරගාවලියේදී ලබා ගත්ත කඩුලු 13 වාර්තා වුණා.
* එක්දින තරග වලදී වැඩිම වාර ගණනක් නොදැවී හිටිය පිතිකරුවා විදියට ලෝක වාර්තාව තමන් සතු කර ගන්න මහේන්ද්‍ර සිං දෝනි සමත් වුණා.
* එක්දින කඩුලු රකින්නන් අතර සංගක්කාරට පස්සෙ එක්දින තරග 300 සමාජයට එක්වුන කඩුලු රකින්නා වෙන්නත් දෝනිට පුළුවන් වුණා.

කොහොමින් කොහොම හරි ලංකාව 2019 ලෝක කුසලානයට ස්වයංක්‍රීයව තිබ්බ අවස්ථාවත් නැති කර ගත්තා. ඒ බව ICC යත් නිවේදනය කරා. දැන් ඉතිං ලංකාවට වෙන්න ඇෆ්ගනිස්තානය, හොංකොං වගේ රටවල් එක්ක තරග කරලා සුදුසුකම් ලබා ගන්න. හැබැයි මේ යන විදියට නම් එකත් ලේසි නෑ. කොහොම වුනත් අපේ සිංහයන්ට ඉක්මනටම නැගිටින්න ලැබෙන්න කියලා සියත 24 ප්‍රර්ථනා කරනවා.

https://twitter.com/Cricvids1/status/903215458127552513

 

 


News Articles
Latest Videos
Most Popular Post