ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්තරයකට උත්තර ලියනවා වගේ වැඩක්. ඒ බව දැන දැනත් පුංචි ප්‍රශ්නෙකට පවා උත්තර නැති වුණාම කෝචිචියට පනින්න තමයි අද කාලෙ තරුණ තරුණියො හදන්නෙ. හැබැයි අමතක කරන්න එපා, ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ සමාජෙ තාම ජීවත් වෙනවා. ගොඩක් වෙලාට එ් කර ගත්ත මෝඩ වැඩේ නිසා දුක් විදින්නෙ ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තා නැත්තන් පවුලේ අය.
අන්න ඒ නිසයි අපිට හිතුනේ මේ කතාව ඔබට පෙන්නන්න. මේ කෝච්චියට බෙල්ල තියන කෙල්ලෙක් ගැන කපුටියක් කියපු කතාවක්. ලොකු පණිවිඩයක් අකුරුවලින් සමාජෙට එන්නත් කරන්න සුජීව හෙට්ටිතන්ත්‍රි මහතා ගොතපු මේ අකුරු වැලට පුළුවන් කියලයි සියත 24 අපිටත් හිතෙන්නේ. කියවලම බලන්න ඔබට නොතේරුණ ගොඩක් දේවල් මේ කපුටිය හොදට තේරුම් අරන් තියෙන හැටි. මේ දිහා බලලවත් ඔබේ ජීවිතේට වටිනාකමක් දෙන්න.
නංගියේ නුඹට කවුරුත් කෙරුවද බොරුවක්
රෑක තරුවක් ඉරන් කෑවද අාත්මෙන් උඹේ ඉරුවක්
කියාපන් හදවතේ අැනුනද අාදරේ ඊයම් බරුවක්
පරක්කුයි කිව්වද මූණටම අන්නාසි තරුවක්
අම්මෙක් තමයි බන් අාදරේ පැටියෙකුට මැරුවත්
අනිත් උන් පොවන්නේ අාදරේ අැල්වතුර සරුවත්
කෙල්ලක් කියන්නේ තොටියන්ට යන එන ඔරුවක්
කොයි එකත් බනිනවා හබල් ගහලා වරුවක්
මගෙ හීනේ හිටියෙත් රත්තරන් පෙද අැති ගිරවෙක්
කජ්ජටත් කලින් උෟ මල කෑවා ඉතුරු මට දැන් නටුවක්
හිනාවෙන්නට තමා උන්නේ අසල්වාසී කොරවක්
අන්තිමට උරුම මට පාරේ කොට්ටන් ගහක කරුවක්
අම්මා තාමත් මතුරනවා අැති පාර බල බල පිරිතක්
ඉල්ලුවොත් තාත්තා ගෙනත් දෙයි අතට සද වතුරත්
නංගියේ නරියෙක් නිදියගත් විට පපුව උඩ වරුවක්
අම්මෙක් තාත්තෙක් උඹට වෙනවද මෙරුවෙක්
මගේ මිනිහත් අැදට එන්නට තමයි වෙස්සන්තර
කපුටො මදිවට කොවුලො තියෙනවා බඩ යටින් බිත්තර
හදට හාවෙක් බලෙන් දුන්නත් වටිනවා ජීවිතේ තප්පර
වහල නැති මේ කපුටු කූඩුවේ මටත් නෑ උත්තර
කෝච්චියටකට බෙල්ල තිබ්බට ගෙදර දුවලා යනව ගින්දර
පහුවදා බත් ඔතලා කනවා උඹේ මලකද ගහපු පත්තර
හුගක් උන් ලෙවකාලා බැලුවට සීගිරියේ කෙල්ලන්ගේ චිත්තර
කීදෙනෙක් කෝ කොහෙද අැහුවද කළු ගලෙන් උන් අැදපු වස්තර
සුජීව හෙට්ටිතන්ත්‍රී