News Line| Off Air
Generic placeholder image

Apr
12

“අවුරුද්දට කලින් කැබිනට් සංශෝධනයක් වෙනවද නැද්ද කියලා අපි දන්නේ නෑ” – හරින් සියතට කියයි.

560 Views


“අවුරුද්දට කලින් කැබිනට් සංශෝධනයක් වෙනවද නැද්ද කියලා අපි දන්නේ නෑ” – හරින් සියතට කියයි.

අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයට සහය දක්වපු ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනා ඊයේ තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වුණා. මේ නිසා පුරප්පාඩු වුන ඇමතිධූර සඳහා නව අමාත්‍යවරු පත් කරන්න නියමිතයි.

අද දවසේ ඒ කැබිනට් සංශෝධනය සිදුවෙයි කියලා තමයි දේශපාලන කරලියේ කතා බහ වුනේ. මේ ගැන ඇත්ත නැත්ත දැන ගන්න සියත FM ප්‍රවෘත්ති අංශය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට කතා කරා. ඔහු කිව්වේ එහෙම කැබිනට් සංශෝධනයක් සඳහා කිසිම කැඳවීමක් හෝ දැනුම් දීමක් සිදු කරලා නෑ කියලයි.

ඊයේ(11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාත් මේ ගැන අදහස් දැක්වුවා. ඔහු කිව්වේ මෙවර අමාත්‍යාංශ ලබා දීමේ දී සියලුම විෂය පථයන් විද්‍යාත්මක පසුබිමක සිට නිරීක්ෂණය කර බෙදා දීමට කටයුතු කරනවා කියලයි.

කොහොම වුනත් අද පස්වරුවේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දීමට නියමිතයි කියලයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post