රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය හෙබවූ D.K කුමාරගේ මහතාගේ එම ධූරය තාවකාලිකව අත්හිටවල තියෙනවා. ඒ සඳහා වැඩ බලන බස්නායක නිලමේ විදිහට සුප්‍රකට පරිසරවේදියකු හා ව්‍යාපාරිකයකු වන ආදි ආනන්දීය සීතක දිල්රුවන් රාජපක්ෂය මහතා පත් කරල තියෙනවා.
සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේ හා විදේශිකයන්ගේ නොමඳ ආදරයට පත් වන ආගමික සිද්ධස්ථානයක් වන රුහුණු කතරගම දෙවොල අක්‍රමිකතා දුරලා, වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම තම ඒකායන ප්‍රාර්ථනය බව දිල්රුවන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.ජන හිතවාදී පවිත්‍ර පාලන ක්‍රමයක් ස්ථාපනය කිරීමට තම සම්පූර්ණ කාලය ධනය හා ශ්‍රමය සැපයීමට තමන් සූදානම් බව මෙතුමා වැඩිදුරටත් පැවසුවා.