News Line| Off Air
Generic placeholder image

Apr
14

ගත වූ පැය 24 ට රියදුරන් 10,000 කට අධික පිරිසකට එරෙහි නීතිමය පියවර.

835 Views


ගත වූ පැය 24 ට රියදුරන් 10,000 කට අධික පිරිසකට එරෙහි නීතිමය පියවර.

ඔබත් වාහන පදවන අයෙක්ද? එහෙනම් මේ කියන්න යන කතාව ඔබට වැදගත් වෙයි. මොකද ඔබ මේ දවස්වල පාරේ යනවනම් හැමතැනම පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් දැකගන්න පුළුවන්. ඔබ පාරේ වාහනේ ගමන් කරද්දී මොකක් හරි රථවාහන වැරැද්දක් කලොත් අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ නවත්තාවි. ඉතින් මේ විදිහට ඊයේ (13) පෙරවරු 06.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රථවාහන නීති උල්ලංඝණය කළ රියැදුරන් 10,147 දෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.

මේ කාලය තුළ රිය අනතුරු 233ක් වාර්තා වී ඇති බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. එයින් වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවෙලා තියෙන්නේ බීමතින් රිය පැදවීම නිසා. ඉතින් වාහන පදවන ඔබ මේ දවස්වල ගොඩක් පරිස්සමෙන් පාර යන එක හොඳයි. මොකද අපි කොච්චර පරිස්සමෙන් ගියත් ඉස්සරහින් එන වාහනය අපට විශ්වාස කරන්න බැරි තරමට මේ දවස්වල අනතුරු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post