News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

අඹුසැමි ආරවුල් ඇති වෙන්න පුළුවන් දවසක්. විස්තර මෙතනින් බලන්න.

4470 Views


අඹුසැමි ආරවුල් ඇති වෙන්න පුළුවන් දවසක්. විස්තර මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 02 සෙනසුරාදා

රාහු කාලය පෙ.ව 09.06 සිට10.38

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නැගෙනහිර

 

මේෂ ලග්නය

උනන්දුව උද්‍යෝගය ක්‍රියාශීලි බවක් තියෙනවා. ඔබ උදෑසන කාලයේ කිරීමට යන වැඩක් සාර්ථක වීම නිසා අතමිට මුදල් ගැවසෙනවා. නමුත් පරිබාහිර අයගෙන් දිවා කාලයේදි ප්‍රවේසම් විය යුතුයි. යම් යම් මතභේද චිත්ත පිඩා ඇති විය හැකියි. විශේෂයෙන් ඔබ අනවශ්‍ය පැටලිලි අනවශ්‍ය දේ කරන්නෙක් නම් හිතාමතාම ඔබ ගුණධර්ම වැඩීමට අද දිනය තුලදී සිත ගන්න. තමන්ගේ ඥාති හිතවතුන් ගෙදරට පැමිණෙන නිසා ඔවුන්ට සංග්‍රහ කිරීම් රසවත් ආහාර පාන ලැබීම ඇතිවන නිසා ඔබට අද දිනය සවස් කාලයේ සුවදායක වේවි. ආගමානුකුල කටයුතු කීපයක් යෙදෙවී. එයින් ඔබට තෘප්තිමත් දිනයක් ලැබේවි.

ජය වර්ණය රතුපැහැය                 ජය අංකය 01

 

වෘෂභ ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩකටයුතුවල වෙනසක් අලුත් අදහසක් ක්‍රියාත්මක වීමකට ඔබට යොමු වෙනවා. ඒ වගේම මංගල කරුණු ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. මංගල කරුණු කඩා වැටීමකට හෝ ඈත් වීමකට ඉඩ තිබෙන නිසා අඹුසැමියන්ගේද චිත්ත පිඩා මතු වීම නිසා ඔබට අද එවැනි දෙකින් ගැටළු සහගතයි. පාද ආශ්‍රිත රෝග උෂ්ණ රෝග ඇති අය ප්‍රවේසම් විය යුතු අතර ඔබ යම් යම් දෙයින් අතරමං වීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් ඔබ කලා වූ වැරදි කටයුතු නිසා චිත්ත පිඩා මතු වෙනවා. ඉවසීම හා බුද්ධිය පුරුදු කර ගන්න. හවස් යාමයේ තරමක් දුරට සුළු සහනයක් ගත හැකියි. නැතිනම් නීති ප්‍රශ්නද මතු වේවි.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 07

 

මිථුන ලග්නය

අද දිනයේදී අලුත් අත්දැකීම් ලැබීමට හිතවතුන් ඥාතීන් ගෙදරට අමුත්තන් පැමිණීමද දුර බැහැර ගමන්ද ඇතිවන දිනයක්. විශේෂයෙන් ඔබ කලා වූ යම්කිසි දේකට ඇගයීමක් හෝ නම්බු නාම ලැබීමට ඉඩ තිබෙන දිනයක්. දරුවන්ගේ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමට හැකියාවක් තිබෙන අතර උත්සාහයෙන් උනන්දුවෙන් ක්‍රියාශීලි බවකින් යුතුවයි දවස ගෙවෙන්නේ. නව අදහස් ක්‍රියාත්මක වේවි. අලුත් දේ කිරීමට අලුත් දේ සොයා යාමට ඔබට සිත දේවි. නව නිර්මාණ වලට දායක වීමට කලා කටයුතු කිරීමට ඔබට හැකියාවක් තිබේනම් එයින් ඔබට සාර්ථකත්වය හා ලැබීම තියෙනවා. මංගල යෝග උදා වෙන අතර උත්සව අවස්ථාවන් වලටද සහභාගී වීමේ හැකියාවක් තියෙනවා.

ජය වර්ණය රෝස පැහැය                        ජය අංකය 06

කටක ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනසක් දැකීමකට හා ස්ථිරසාර අධිෂ්ඨානයකින් කර ගැනීමකට කටයුතු සලස්වන ඔබ ආදර සම්බන්ධතා පෙම් සම්බන්ධතා වලට යොමු වීමට ඉඩ තිබෙන දිනයක්. අමුත්තෙකු හමු වීමක් හෝ මංගල යෝගයක් ස්ථිර කර ගැනීමටත් හැකියාවක් තියෙනවා. නමුත් අනවශ්‍ය පැටලිලි වලින් ප්‍රවේසම් විය යුතුයි. ඔබ තරුණ වයසේ කෙනෙක්නම් විශේෂයෙන්ම ආදර බැදීම් වලට නොයෙක් දෙනාගේ ගැටළු සහගත තත්වයන් මතු වේවි. ඒ ගැන සිතා බලන්න. අධ්‍යාපන අංශයේද වෙනසක් හෝ ස්ථාන වෙනස් කිරීමට ඉඩ තිබෙන අතර අධ්‍යාපන පීඨ සොයන්නන්ට නව අධ්‍යාපන පීඨයක් ලබා ගත හැකියි. ගෙදරදොර වාතාවරණය ගැන තරමක් දුරට ගැටලුකාරී බවක් තිබෙන නිසාම ඔබ කතාවෙන් ක්‍රියාවෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 02

 

සිංහ ලග්නය

ඔබට අද දිනය දිරිමත්ව කටයුතු කිරීමට පෙළඹෙන උත්සහවන්ත කෙනෙක් බවට පත් වෙනවා. විශේෂයෙන් යාන වාහන ව්‍යාපාර හෝටල් ව්‍යාපාර කරන්නන්ට අද දිනය තුලදී අතමිට මුදල් ගැවසෙනවා. ලැබීම අතින් යහපත්. ඔබ මෙතෙක් කරගෙන ආ වැඩ වගකීමකින් යුතුව නව අත්දැකීමක් ලැබීමට ඉඩ තිබෙන නිසාම හවස් යාමය ඔබට තෘප්තිමත් විය හැකියි. ඥාතීන් හිතවතුන් ගෙදරට පැමිණෙන අතර ඔවුන්ගේ සහයෙන් කරන කටයුතු සාර්ථක වේවි. තරමක් දුරට ගන්නා වූ ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතුයි. සුළු උදරාබාධ හෝ මුත්‍රා ආසාධන ඇති වීමට ඉඩ තිබෙන නිසා ජලයෙන් හා ආහාර පාන වලින් ප්‍රවේසම් විය යුතුයි. කලක් කරගෙන ආ වැඩ කටයුත්තක් නැවත අලුතෙන් පටන් ගැනීමට ඔබට සිත දේවි.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 05

 

කන්‍යා ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබවක් තිබෙන ඔබ බොහෝ විට පරිබාහිර කටයුතු සාර්ථක වන ලකුණු පවතිනවා. ගෙයක් දොරක් සෑදීමක් හෝ එවැනි දේකට අත පෙවීමක් යාන වාහන මිලදී ගැනීමකට ඔබට අද යොමු වේ නම් එය සාර්ථකව නිමා කර ගැනීමට හැකි වේවි. අනුන්ගේ වැඩ කටයුතු ගැන වැඩි වැඩියෙන් සොයා බැලීමට යාමෙන් වැළකිය යුතු දිනයක්. මන්ද ඔවුන්ගෙන් දෝෂ දර්ශන වලට යොමු වේවි. උදරාබාධ උෂ්ණ රෝග හෝ උරහිස වැනි ස්ථාන වලට නැවීම් දිග හැරීම් ඇති අස්ථි සම්බන්ධයෙන් ප්‍රවේසම් විය යුතුයි. උඩ නැගීම වැටීම් වලට බාධක ඇති නිසාම එවැනි දේ ගැන සැලකිලිමත් වන්න. ඔබ ඔබගේ තත්වය බලය ආරක්ෂා කර ගැනීමට උත්සහ දරන්නට අද දිනයේ යොමු වන්න. නැතිනම් ඔබට අවනම්බු විදීමට සිදු වේවි.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 02

තුලා ලග්නය

අසමසම වූ ලැබීම් ඇති දිනයක්. හදිසි ධන ලාභ ඇති වේවි. අතමිට මුදල් ගැවසෙනවා. කරගෙන ආ වැඩ කටයුතු සාර්ථකව නිමා කර ගැනීමටද හැකියාවක් තිබෙන අතර කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නන්ට විශේෂිත වූ ලැබීම් ඇතිවන දිනයක්. දරුවෙකුගේ කටයුත්තක් නිසා සිත් තැවුල් ඇති වුවත් අනිකුත් දේ සම්බන්ධයෙන් ඔබට යහපත් ලෙස කරුණු සැලසේවි. නව අදහස් ක්‍රියාත්මක වන නිසා ඔබ අන්‍යන් අතර කැපී පෙනේවි. ඔබ දායකවන සෑම දෙකටම ඔබට ලැබීම් ඇතිවන නිසා අද දිනය ඔබට සාර්ථක දිනයක්.

ජය වර්ණය දම් පැහැය                 ජය අංකය 02

වෘශ්චික ලග්නය

 

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු උත්සාහයෙන් ඉදිරියට යාමට හැකියාවක් තිබෙන අතර අධ්‍යාපනය සම්බන්ධයෙන් වැඩි වගකීම් ඉටු කර ගන්නා වූ දිනයක්. තරග විභාග ජය හෝ සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඔබට ජයග්‍රහණය ලැබිය හැකියි. රැකියා ස්ථිරතාවයක් ඇති වෙනවා. ඒ වගේම ලැබීම අතින් තරමක් මන්දගාමී ස්වභාවයක් තිබුනත් හවස් යාමයේ තරමක් දුරට ලැබීම අතින් යහපත් වෙනවා. ඔබට අද පිනට දහමට සිතුවිලි උපදිනවා. සවස් යාමයේදී සිත එකග කරගෙන අධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගෙන දවස ගෙවා දැමීමට හැකියි.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 05

ධනු ලග්නය

ඔබට බොහෝ විට සෑහීමකට පත් විය හැකියි. රසවත් ආහාරපාන ලැබෙන උත්සව අවස්ථාවකට සහභාගී වීමක් හෝ හිතවතුන් සමග විනෝදයෙන් කල් ගෙවීමට දුර බැහැර ගමනකට ඔබට දායක වීමට සිදු වෙනවා. ගමන් බිමන් යාමේදී තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. ඒ වගේම මංගල යෝජනා මංගල උත්සව ආදියට සහභාගී වීමකට ඉඩ තිබෙන නිසාම ඔබට එවැනි දෙකින් සාර්ථක ප්‍රථිපල නෙලා ගත හැකියි. විශේෂයෙන්ම වන්දනා ගමන් පුණ්‍යකාමී සිතුවිලි ඇති නිසා එවැනි දේ කෙරෙන් ඔබට සාර්ථක ප්‍රථිපල උදා කර ගත හැකියි. සිත නිවාගෙන කටයුතු කිරීමට හැකියාවක් පවතින දිනයක්.

ජය වර්ණය රන්වන්කහ පැහැය                 ජය අංකය 04

මකර ලග්නය

අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදු වෙනවා. බොහෝ විට සතුරු කරදර බාධක ණය තුරුස් වීම් වලට ඉඩ තිබෙනවා. කලක් කරගෙන ගිය මංගල යෝජනාවක් දෙදරීමක් හෝ එයින් සිත් තැවුලක් මතු වීමට ඉඩ තිබෙන නිසාම ඔබ තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. ආර්ථික වශයෙන් අපහසුකම් හෝ පවුලේ කෙනෙකුගේ ඈත් වීමක් හෝ චිත්ත පිඩාවක් ලැබීමටද ඉඩ තිබෙනවා. දුරදිග බලා කටයුතු කිරීමට වග බලා ගත යුතුයි. පිනට දහමට සිතුවිලි ඇති කරගෙන පුණ්‍යකාමී ගතියක් ඇති කරගත හොත් මේ දේවල් වලින් අද මිදිය හැකියි. ඒ ගැන සිතා බලා කටයුතු කරන්න.

ජය වර්ණය නිල් පැහැය              ජය අංකය 09

 

කුම්භ ලග්නය

උත්සාහය ක්‍රියාශීලි බවකින් යුතුව අද දවස ගෙවාවී. බොහෝ විය අන්‍යන් හා සැසදෙමින්එකමුතු වී කරන සමාජ සේවා කටයුතු සාර්ථක වන අතර පවුලේ කෙනෙකු වෙනුවෙන් වැඩි දායකත්වයක් හෝ ඔවුන්ගේ රෝගයකට උදව් උපකාර කිරීමට සෞඛ්‍ය තත්වය ආරක්ෂා කර ගැනීමට ඔබට හැකියාවක් පවතිනවා. විශේෂයෙන් මව්පිය දෙපලගේ සෞඛ්‍ය රක්ෂණය කිරීම පිනිස ඔබට කටයුතු කිරීමට සිදු වෙනවා. ඔවුන්ගෙන් ඔබට දායකත්වයක් ඔබගේ දායකත්වයක් ඔවුන්ටද ලැබීමට සිදු වෙනවා.එයින් ඔබට තෘප්තිමත් විය හැකියි. බොහෝ විට පිනට දහමට සිතුවිලි යොමු කරන ඔබ තරමක් නිහඩතාවයකින් යුතුව අද දවස ගෙවාවී. හුදකලාව සිටීමට ප්‍රිය කරන දිනයක්.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 05

 

මීන ලග්නය

බොහෝ  විට උද්‍යෝගය උනන්දුව ඇතිවන දිනයක්.අලුත් අදහස් ඇතිව ක්‍රියාත්මකවන කරුණු කීපයක් ඉටු කර ගැනීමට හැකියාවක් තියෙනවා.මෙතෙක් කාලයක් කරගෙන ආ වැඩ කටයුත්තක් දිරිමත්ව කර ගැනීමට හෝ දරුවෙකුගේ මංගල කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා.ඒ වගේම රැකියා ව්‍යාපාර තත්වයේ යහපත් වේවි.හෝටල් හෝ ජලයෙන් කරන්නා වූ ව්‍යාපාර කටයුතු ස්ථිර වන අතර ඔබ සිසිල් බීම වැනි ආහාරපාන ව්‍යාපාරයක් කරන්නේ නම් එහි වැඩි දියුණුවක් කරගත හැකි දිනයක්. නාවික ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්ටද අද යහපත් වූ දිනයක් නිසා ඔවුන්ගේ රැකියා උසස් වීමක් හෝ එවැනි දේ ගැන සාකච්චා කිරීමට සුභ දායකයි. අලුත් අය එකමුතු වී කරන කටයුතු නිසාම ඔබ සමාජයේ කැපී පෙනෙන්නා වූ දිනයක්.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය : 0112509386 


News Articles
Latest Videos
Most Popular Post