ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය පටන් ගන්න තව වැඩි වෙලාවක් නෑ. Match එක පටන් ගන්න කලින් මොනවා වෙයිද කියල කාටවත්ම කියන්න බෑ. මොකද ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. තරඟයේ අන්තිම ඉනිමේ, අන්තිම ඕවරයේ, අන්තිම බෝලෙදී වුනත් තරඟය කණපිට පෙරලෙන්න පුළුවන්. හැබැයි අද තරඟයේ සිද්ධ වෙන්න යන දේවල් ගැන පොඩි විශ්ලේෂණයක් කරන්න අපිට පුළුවන් උනා.
අසනීප වෙලා හිටිය චන්දිමාල් අද තරඟයට නායකත්වය දෙනවා. හැබැයි චන්දිට අද තරඟයේදී අනිවාර්යෙන්ම රැඩිකල් දෙයක් කරන්න වෙනවා. ගාල්ලේ තිබ්බ පලවෙනි Match එක පැරදුන නිසා මේ තරඟය අනිවාර්යෙන්ම දිනන්නත් ඕන. පලවෙණි මැච් එකේදී අබාධයකට ලක් වුන අසේල ගුණරත්න නැතුව ලංකාවේ දකුණු අත ගැලවුණා වගේ.ගොඩාක් වෙලාවට අද තරඟයේදී අසේලගෙ තැන ධානංජය ද සිල්වාට හම්බෙන්න පුළුවන්.
පලවෙනි තරඟය දිනපු ඉන්දියාව දැන් තවත් හොද මානසිකත්වයකින් ඉන්නෙ. Lokesh Rahul කියන්නේ ඉන්දියාවේ හොදම ආරම්භක පිතිකරු. පලවෙනි match එකේ සෙල්ලම් කරන්න බැරි වුන Rahul මේ මැච් එකේ සෙල්ලම් කරනවා. ඒ නිසා ඉන්දීය කණ්ඩායම තවත් ශක්තිමත් වෙලා තියෙන්නෙ. රාහුල් Team එකට ආපු නිසා Dhawan ට හරි Mukund ට හරි එයාලගේ තැන නැති වෙනවා. ධවාන් මුල්ම තරඟයයේදි 190ක් ගහපු නිසා ගොඩක් වෙලාවට Mukund ට ඉවත් වෙන්න වෙයි.
අද මැච් එක තියෙන SSC පිටිය පිතිකරුවන්ගේ පාරාදීසයක්. සාමාන්‍යායෙන් පලවෙනි දවස් දෙකහමාරම Plyayers ලට වැඩි වාසි තියෙනවා. ගාල්ලේ තරඟයේදී ඉන්දියාව කඩුලු 13ට ලකුණු 840ක් ම ලබා ගත්ත.ඒ නිසා මේ Ground එකේ ඉන්දියානු පිතිකරුවන්ට ලොකු ලකුණු ප්‍රමාණයකට ලෙසින්ම යන්න පුළුවන්. ඒ ලකුණු ප්‍රමාණය සීමා කරන්න නම් ලංකාවට ලොකු ගේම් එක්ක දෙන්න වෙනවා. අද තරඟයේ තණතිල්ල මොනවගේද කියලත් අපි හොයල බැලුවා. ගාල්ලට වැඩිය වියලි තණතිල්ලක් තමයි SSC පිටියේ තියෙන්නෙ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම පලවෙනි දවස් තුන දඟ පන්දු යවන්නන්ට පොඩි වාසියක් තියෙනවා. හැබැයි ඉතින් හරි තැනට පන්දු යැව්වොත් තම ඒ වාසිය ගන්න පුළුවන්. මොකද මේක පිතිකරුවන්ගේ Ground එකක් නිසා. ඒ වගේම අමතක කරන්න හොද නෑ Ranking වල 1 හා 3 කියන තැන වල ඉන්න දඟපන්දු යවන්නෝ දෙන්නම ඉන්දියානු කණ්ඩායමේ ඉන්නවා.
ලංකාව සෙල්ලම් කරපු අන්තිම තරග 5 අරන් බැලුවොත් තරඟ 2ක් දිනලා 3ක් පැරදිලා තියෙනවා.එක උනේ පැරදී, දිනුම්, පැරදී, දිනුම්, පැරදී කියල රටාවකට. එහෙම බැලුවොත් අද තරඟය ලංකාව දිනන්නම ඕන.
මේ තරඟය Cheteshwar Pujara ගේ 50 වන තරඟය. ඒ වගේම තමයි Ashwin ට තව ලකුණු 50 යි ඕන ටෙස්ට් ලකුණු 2000 සම්පූර්ණ කරන්න.දැන් ඉතිං මේ ඔක්කොම ඔලුවේ තියාගෙන Match එක බලන්න.