News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

උත්තර ලියන ගමන් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සර්ට යවපු රහසිගත උපකරණය මෙන්න…

3520 Views


උත්තර ලියන ගමන් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සර්ට යවපු රහසිගත උපකරණය මෙන්න…

කොපි කරනවා කියන්නේ දැන් කලාවක්. හැමෝටම ඒක හරියට කරන්න බැහැ. ඒකනේ සමහරු සමහර දේවල් copy කරලා වැඩි වෙලා යන්න කලින් ඒක copyයක් කියලා අහුවෙන්නේ. සින්දුවක්, කතාවක් copy කරලා බේරුනාට විභාගයේ copy කරලා අහුවුණොත් නම් ජීවිතේ තියෙනකම් විභාග තහනම් වෙන්න ඉඩයි රජෝ.

ඒකට හොදම උදාහරණෙ අද අහන්න ලැබුනනේ. රසායන විද්‍යා ප්‍රශ්ණ පත්තරය copy කරලා ගුරුවරයට යවපු සිසුවට ජීවිතාන්තය දක්වා විභාග තහනම් වුනා. ඒක copy කරන්න හිතන අයටත් හොද පාඩමක් වෙයි.

 

මේ විදිහට රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය, ලියන ගමන් එළියට දාපු ගැජට් එක මොකක්ද කියලත් සියත 24 අපි හොයාගත්තා. සාමාන්‍යයෙන් මේ ජාතියේ ගැජට් අපි දැකලා තියෙන්නෙ පිටරට වලින් ආව Films වල. මේ ගැජට් එක අපේ ඇඳුම් වල තියෙන බොත්තමක විතර ප්‍රමාණයක උපකරණයක්. මිල ඇමරිකානු ඩොලර් 780 ක්. ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 12,012 ක් විතර වෙනවා. මේ උපකරණය චීන නිෂ්පාදනයක්.

මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නෙ කොහොමද කියල තමයි දැන් කියන්න යන්නෙ. Bluetooth, WI-FI, හරි Mobile Network එකක් හරහා ලොකේ ඕනම තැනක තියෙන Computer / Laptop එකකට බොත්තම් හැඩයෙන් යුතු උපකරණයෙන් Paper එකේ Image එකක් Video එකක් හරි යවන්න පුළුවන්. ඒ Image එක Video එක හරි ගන්න උවමනා Power Button එක තියෙන්නෙ කකුලට සම්බන්ධ කරලා. ඒක ක්‍රියාතමක් වෙන්නෙත් Bluetooth හෝ WI-FI එක හරහා.

එහෙම යවපු ප්‍රශ්න වලට උත්තර ගන්න ඕන Receiver එක තියෙන්නෙ විභාග ශාලාව ඇතුලෙ ඉන්න කෙනාගේ කණ ඇතුලෙ. මේ කෑල්ලත් අපේ ඇහැට නොපෙනෙන Size එකේ උපකරණයක්. කණ ඇතුලට දාපු මේ ගැජට් එක එළියට ගන්න පුළුවන් වෙන්නෙ නම් කාන්දමක් ආධාරයෙන් තමයි. ඒ තරමටම මේක පොඩියි. ඉතින් යවපු කෙනා දකින ප්‍රශ්නෙට උත්තරේ එසැනින් Mobile Network එක හරහා Receiver ට ලැබෙනවා. ඉතින් මේ ක්‍රමේට ලියලා නම් ගොඩාක් පහසුවෙන් විහාගේ පාස් වෙන්න පුළුවන්.

මේ වගේ අධි තාක්ෂණික උපකරණයකින් විභාග වංචාවක් කරලා ලංකාවේ අහුවුනේ නම් මුල් වතාවට. කොහොම වුනත් අදාල ටියුෂන් ගුරවරයා රසායන විද්‍යාව ප්‍රශ්න පත්තරේ ඉවර වුන ගමන් ළමයින්ට බෙදුවෙ නැත්තන් මේ ගැජට් එකෙන් තව කාලයක් යනකං රහසිගතව කී දාහක් ගොඩ යයිද දන්නෑ.

ඇසීමේ උපකරණය කණට සවි කරන ආකාරය

ඇසීමේ උපකරණය කණට සවි කනෙන් ඉවත් කරන ආකාරය


News Articles
Latest Videos
Most Popular Post