News Line| Off Air
Generic placeholder image

Apr
17

නාන්න එපා කියූ තැනින්, නාන්න ගිය ටෙලිනාට්‍ය නිළිය කැළණි ගඟට බිලි. – EXCLUSIVE

3671 Views


නාන්න එපා කියූ තැනින්, නාන්න ගිය ටෙලිනාට්‍ය නිළිය කැළණි ගඟට බිලි. – EXCLUSIVE

මේ දවස්වල නිවාඩු නිසා ගොඩක් දෙනෙක් කරන්නේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකා යන එක. ඉතින් මේ විදිහට විනෝද චාරිකාවක් ගිහින් තමගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුන ජනප්‍රිය නිළියක් ගැන අවාසනාවන්ත සිද්ධියක් මීට මොහොතකට කලින් සියත 24 අපට වාර්තා වුනා.

මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියකුයි මේ විදිහට මිය ගිහින් තියෙන්නේ. පවුලේ සමාජිකයන් එක්ක කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට ඇවිත් තියෙනවා. ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී කැළණි ගඟේ අද(17) පස්වරු 1.30 ට විතර දිය නාමින් ඉන්නකොට ඇය සැඩ පහරකට හසු වෙලා තියෙනවා. ඒ නිසා ගඟේ ගසා ගෙන ගොස් ඇති බවයි ගිනිගත්හේන පොලිසිය කිව්වේ.

පවුලේ සමාජිකයන් එක්ක ප්‍රදේශවාසින් කැළණි ගඟ අවට ඇයව සොයා සිදු කල මෙහෙයුමකින් පසුව ඇයගේ සිරුර දිය නෑම සිදු කල ස්ථානයට මදක් දුරින් කැළණි ගගේම තිබි සොයා ගෙන තියෙනවා.

ජිවිතක්ෂයට පත් කාන්තාව දියනෑම සිදු කල ස්ථානය දිය නෑම අවධානම් බව සදහන් කරමින් දැන්විම් පුවරු පවා සවි කර ඇති බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා කිවුවේ.

දිය නෑමට කැළණි ගගට බැස ඇති මෙම කාන්තාව කැළණි ගගේ මැදට ගිය බවත් , ගඟ මැදට නොයන ලෙස පවුලේ සමාජිකයින් ඇයට කෑ ගසා කි බවයි ඇගේ ඥාතියකු කියා සිටියේ.

කොහොම වුනත් ඔබත් මේ දවස්වල විනෝද චාරිකා අතරතුර දිය නාන්න යනවනම් අදාල ස්ථාන වල සවි කරලා තියෙන පණිවිඩ පුවරු වල තියෙන පණිවිඩ පිළිපදින්න කියලයි අපි ඔබට මතක් කරන්නේ. මොකද මේ දවස්වල තියෙන වැස්සත් එක්ක ගංගා වල ජල මට්ටම් ඔබ හිතුවෙවත් නැති විදිහට ඉහළ යන එක සාමාන්‍ය දෙයක්.


News Articles
Latest Videos
Most Popular Post