පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලූවට සහභාගී වීම සදහා බි‍්‍රතාන්‍යට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද පස්වරුවේදී බි‍්‍රතාන්‍යයේ සිටින ශ‍්‍රී ලාංකිකයින් හමු වීමට නියමිතයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප‍්‍රධාන දේශනය ද ජනාධිපතිතුමා විසින් හෙට සිදු කිරිමට නියමිතව තිබෙනවා. බි‍්‍රතාන්‍ය නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා එරටට ළඟා වුනේ පසුගිය 15 වනදායි.
ඒ අනුව ඊයේ දිනයේ දි ජනාධිපතිතුමා ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානය වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා. ඊයේ යෙදුනු හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටු කිරිම සදහා ද ජනාධිපතිතුමා එහිදී එහක්වීම විශේෂත්වයක්. ලබන 19 වනදා ආරම්භ වන පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුලූවට රටවල් 53 ක රාජ්‍ය නායකයින් සහභාගී වීමට නියමිතයි.
Video පහතින්