News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

ඩයනා එක්ක Selfie ගහන ප්‍රියංකා….

377 Views


ඩයනා එක්ක Selfie ගහන ප්‍රියංකා….

මාත් එක්ක පොඩි ගමනක් යන්න එනවද? කියලා ඕන යාලූවො දෙන්නෙක් තුන් දෙනෙක්ගෙන් අහලා බලන්න. හැමෝම වගේ කියයි අනේ සොරි අද මං Busy කියලා.
හැබැයි ඔබ සුරූපී බොලිවුඞ් නිළි ප‍්‍රියංකා චොප්රාගෙන් ඒ ප‍්‍රශ්නෙ ඇහුවොත්! කොච්චර වැඩ තිබුණත් ඇය Busy නෑ. මේ මාස දෙක තුනේම ප‍්‍රියංකාට “ISN’T IT ROMANTIC” Film එකේ Shooting තියෙනවා. ඒ නිව්යෝක් වල. ඒ වුනාට ඇය ගිය මාසෙ, Shooting අතරෙම පවුලේ අය එක්ක දිග නිවාඩුවක් ගතකරන්න වෙලාව වෙන් කරගත්තා. ඔන්න දැන් ප‍්‍රියංකා Shooting කරන ගමන්ම සමාජ සේවා වලටත් දායකවෙනවලූ. UNICEF ආයතනය එක්ක එකතුවෙලා ඇය දවස් දෙක තුනක්ම අසරණ ළමයින් පිරිසක් එක්ක ගතකරලා තිබුණා. එතකොට ප‍්‍රියංකා HEAR THE WORLD කියන ශ‍්‍රව්‍ය ආබාධිතයින් වෙනුවෙන් ආධාර එකතු කරන සංවිධානයේ විශේෂ වැඩසටහන් කීපයකටත් සම්බන්ධ වෙලා තිබුණා. ඒ වැඩසටහන් වලට ඇය එකතු වෙලා තිබුනෙ තනියම නෙවෙයි. සුපිරි ගායක බ‍්‍රයන් ඇඩම්ස් එක්ක. බ‍්‍රයන් එක්ක ප‍්‍රියංකා ගත්ත ෆොටෝස් ටිකක් තමයි මේ.

ඒ විතරක් නෙවෙයි ප‍්‍රියංකාට දැන් අලූත් සුරතලෙක් ඉන්නවා. නිව්යෝක් වලදීම තමයි ඇය මේ සුරතලාව අරගෙන තියෙන්නේ. ප‍්‍රියංකා ඌට දාලා තියෙන නම Diana. කොච්චර Busy  වුනත් Diana එක්ක Selfie ගන්නත් ප‍්‍රියංකා වෙලාව හොයාගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post