News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

මාලිංග ගේ අවසන් එක්දින තරඟය අද…

10930 Views


මාලිංග ගේ අවසන් එක්දින තරඟය අද…

මේ වෙද්දී අපිට ප්‍රශ්න 3ක් තියෙනවා. එකක් එක දිගට පරදින එක. දෙවෙනි එක නිතරම අපේ අය ආබාධ වලට ලක්වෙන එක. අන්තිම ප්‍රශ්නය ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගන්නේ කවදද කියන එක.

ගිය සතියේ සියත 24 වෙත ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනේ ලසිත් මාලිංග එක්දින කඩුලු 300 සම්පුර්ණ කරාට පස්සේ හෝ මේ ඉන්දීය එක්දින තරගාවලියෙන් පස්සේ එක්දින පිටියෙන් සමු අරන් දිගටම විස්සයි විස්ස තරග වලට සෙල්ලම් කරන්න තීරණය කරලා කියලයි.

හැබැයි සිව්වන එක්දින තරගයේදී නායකත්වය ලැබීමත් එක්ක මැච් එක පටන් ගන්න කලින් තිබුණු මාධ්‍ය හමුවේදී මාලිංග කිවුවේ “2023 වෙනකම් මම සෙල්ලම් කරනවා” කියලයි. හැබැයි ඒ එක්දින තරගද , විස්සයි විස්සද කියලා නොකියා ඉන්න ඔහු පරිස්සම් වුනා. ඊට පස්සේ match එක ඉවර වෙලා තිබුණු මාධ්‍ය හමුවේදී මාලිංග කිවුවේ මගේ “දක්ෂතා දැන් අඩුවෙලා, ඉක්මනටම තමන් ගැන තීරණයක් ගන්නවා” කියලයි.

ඒ කියන්නේ කලින් අපිට ලැබුණු ආරංචිය විදිහට මාලිංග දැන් කඩුලු 300 සම්පුර්ණ කරගෙන තියෙන හින්දා අද තරගෙන් පස්සේ ඔහු බොහෝ විට එක්දින පිටියෙන් සමුගනිවී. හැබැයි එක මේ වෙලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩාක් අවාසි සහගත තීරණයක් කියලයි සියත 24 අපිට නම් හිතෙන්නේ.

 

මාලිංග ගේ සමුගැනීම පිළිබඳව, සියත 24 ගෙන ආ වාර්තාව…

කෝලිගේ කට වසා මාලිංග එක්දින පිටියෙන් සමුගනී – Siyatha 24 Exclusive


News Articles
Latest Videos
Most Popular Post