පහුගිය දවස් කිහිපයේම රටපුරා දැඩි වර්ෂාපතනයක් ඇති වුණා. මේ නිසා සමහර ජලාශවල වාන් දොරටු පවා විවෘත කරා. කොහොම වුනත් පහුගිය දින කිහිපයේ පැවති තද වැසි සහිත කාලගුණය අද ඉඳන් අඩු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
හැබැයි අද හවසත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 – 60 ත් අතර අගයක් ගන්නවා.