News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

අද තීන්දු තීරණ ගැනීමෙදී කල්පනාවෙන්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1679 Views


අද තීන්දු තීරණ ගැනීමෙදී කල්පනාවෙන්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 04 සඳුදා

රාහු කාලය: පෙ.ව 07.34 සිට 09.06

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

 

මේෂ ලග්නය

රැකී රක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව යම් දියුණුවක් ලැබීමේ හැකියාව පවතිනවා. ක්‍රමානුකුලව කටයුතු කරන්න ඔබ දරන වෑයම නිසා අන් අයගේ ප්‍රසාදයට ලක් වෙනවා. ඒ වගේම අතහැරුණු බොහෝ කටයුතු යලි ආරම්භ කරන්න සියුම් කටයුතු වල නිරත වෙන්න තමයි ඔබ වැඩි උනන්දුවක් දක්වන්නේ. සාමදානකාමි කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. අන් අය අතර තියෙන්නා වූ ගැටුම් සමතයකට පත් කිරීමට ඔබ අද දවසේදී වැඩියෙන් මහන්සි වෙනවා. එවැනි කටයුතු වලින් ඔබට හොද නාමයක් දිනා ගැනීමේ වාසනාව හිමි වෙනවා. පුළුවන්කමක් පවතිනවා නම් සූරිය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න. ශ්‍රවණය කරන්න.

ජය වර්ණය: රෝස පැහැය              ජය අංකය: 06

වෘෂභ ලග්නය

උදෑසන ඔබ පුණ්‍යකාමී කටයුතු වල නිරත වෙනවා. ඒ නිසා කාර්යබහුල වෙනවා.ඒවගේම තමයි වැඩිහිටි ඥාතීන්ගේ කටයුතු වලට ඔබට කාලය මිඩංගු කිරීමට සිදු වෙනවා. එවැනි කටයුතු වලින් මානසික සුවයක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒවගේම තමයි පුණ්‍ය ස්ථාන ආශ්‍රිත කටයුතු වලටත් යම් මුදලක් ඔබට වියදම් කිරීමට සිදු වේවි. නිවාස ආශ්‍රිත ගේදොර ආශ්‍රිත කටයුතු යාන වාහන සම්බන්ධ කටයුතු වලිනුත් පුංචි හෝ ලාභයක් ලැබිය හැකියි. අලුත් ඉඩකඩම් දේපල මිලදී ගැනීමට ඉතාමත්ම යෝග්‍ය දිනයක්. යහළුවන් සමග සතුටු සිතින් යුක්තව කාලය ගත කරන්න මග පෑදෙන දිනයක්. මානසික සුවය පවත්වා ගෙන යා හැකි වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 08

 

මිථුන ලග්නය

කොහොම උනත් තරමක කාර්යබහුල ස්වභාවයක් උදෑසන කාලයේ ඇති වෙනවා. අලුත් වැඩ කටයුතු වලට උදෑසන කාලයට වඩා සවස් කාලය සුභයි. මව්පස ඥාතීන් සමග විරසකවීම් පුංචි පුංචි හිත නොහොදකම් ඇති වීමේ අවධානමක් පවතිනවා. මුත්‍රාශය කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව වලින් යම් අසුභතා ඇතිවිය හැකියි. ගමන් බිමන් යාම් වලදී පුංචි හෝ දෝෂ සහගත තත්වයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. මේ නිසා තමන්ගේ රිය ධාවනය පිලිබදව වෙනදට වඩා අවධානය යොමු කරන්න. සවස් යාමයේ ඔබ කරන බොහෝ කටයුතු සාර්ථක වෙනවා. ඥාති හිතවතුන්ගේ උදව් උපකාර බොහොම පහසුවෙන් ලැබේවි.

ජය වර්ණය: ලා රතු පැහැය                      ජය අංකය: 03

කටක ලග්නය

තරමක මුරණ්ඩු සිතුවිලි වර්ධනය වෙනවා. හිතුවක්කාර තීන්දු තීරණ ගන්න නිසාම ආර්ථික වශයෙන් පාඩු සිදු විය හැකියි. වචන භාවිතා කිරීමේදී ඉවසිලිවන්තභාවය වැදගත් වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සම්බන්ධතා පිලිබදවත් පුංචි හෝ කලකිරීමක් දුක සහිත තත්වයක් ඇතිවීමේ අවධානමක් පවතිනවා. බොහෝ කටයුතු වලින් දුරස් වෙලා සමාජයේ දුරස් වෙන්න හුදකලා වෙන්න ඔබ කැමැත්තක් දක්වනවා. මානසික ශක්තිය යම් ආකාරයකට පිඩාවට පත් වීමේ අවධානමක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරොත් බොහෝ වාසනාවන්ත තත්වයක් උදා කර ගන්න පුළුවන්.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 05

 

සිංහ ලග්නය

පරිණත භාවයෙන් කටයුතු කිරීමේ හැකියාව වාසනාව ඔබට උදා වෙලා පවතිනවා. අන් අයව වසග කර ගැනීමේ හැකියාව අන් අය ලවා තමන්ගේ කටයුතු බොහොම පහසුවෙන් ඉටු කරවා ගැනීමේ ඉඩකඩ අද දවස පුරාම පවතිනවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා වගේම එවැනි කටයුතු වලින් ලාභ තත්ව උදා කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ආහාර ගැනීමේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. ආමාශගත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. ඖෂධ විෂ වීමක් වුවත් ඇති වෙන්න පුළුවන්. දණහිසෙන් පහල හන්දි ආශ්‍රිත රෝගී තත්ව හිසේ කැක්කුම වැනි රෝගී තත්ව විටින් විට ඇති විය හැකියි.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 07

 

කන්‍යා ලග්නය

අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා ඉන්න දූදරුවන්ගේ එවැනි කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරවා ගන්න පුළුවන්.ඒවගේම තමයි තමන්ගේ දුදරුවන්ගේ යහපත් කටයුතු අහන්න කරන්න අද දවසේදී වාසනාව පවතිනවා. අලුත් ආදායම් මාර්ග විවර කර ගැනීමටත් ඉතාමත්ම යෝග්‍යයි. සංචාරක කටයුතු ගෘහ නිර්මාණ ශිල්පී කටයුතු ඒ වගේම ඇවිදීම් සහිත කටයුතු තාක්ෂණය හා මිශ්‍ර වුණු කටයුතු වලින් බොහෝ ලාභ උපයා ගැනීමට හැකියි. විදේශගත සම්බන්ධතා මුලික කරගෙන යම් ආකාරයක ලාභ උපයා ගත හැකියි.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                ජය අංකය: 09

තුලා ලග්නය

අධික කාර්යබහුල ස්වභාවය මුලික කරගෙන ඇතැම් වැඩ කටයුතු ඔබට අමතක වී යාමේ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා කළමනාකාරීත්වය වගේම මතක තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු වල නම් එතරම් යහපත් තත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු යන්ත්‍ර සුත්‍ර ආශ්‍රිත කටයුතු වගේම රාජ්‍ය අර්ධ සේවා කටයුතු වලිනුත් බොහෝ යහපත් ප්‍රතිචාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. කලාත්මක කටයුතු වලත් යම් ආකාරයක දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. කාර්යබහුල ස්වභාවය මුලික කරගෙන බොහෝ බාධාකාරී තත්ව ඇති විය හැකියි. අවලාද අපහාස උපහාස වැනි තත්ව යම් ප්‍රමාණයකට ඇතිවිය හැකියි. ඒ නිසා කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න.වචන භාවිතා කිරීම වඩාත් වැදගත් වෙනවා.

ජය වර්ණය: කහ පැහැය                ජය අංකය: 08

වෘශ්චික ලග්නය

 

තීන්දු තීරණ ගැනීමේදී ගමන් බිමන් යාමේදී බොහෝ සෙයින් කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. ඔබේ සිතුවිලි උස්පහත් වීමේ ස්වභාවය වර්ධනය වෙනවා. ඇතැම් කටයුතු ඔබට ක්ෂණිකවම අතහැර දමන්න සිදු වෙනවා වගේම ඇතැම් කටයුතු පිලිබදව කලකිරීම් ස්වභාව ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. ඇතැම් අවස්ථාවලදී ඔබ අතහැරලා දාපු කටයුතු යලි ආරම්භ කරන්න දරන උත්සාහය ව්‍යර්ථ වීමේ ඉඩකඩකුත් පවතිනවා. රැකී රක්ෂා වෙළදාම් කටයුතු අශ්‍රිතව යම් උද්වේගකර තත්වයක් උදා වුනත් විටින් විට හදිසි අවස්ථා වලදී උදා වෙන මන්දගාමී ස්වභාවය ඔබගේ කටයුතු වලට බාධා එල්ල කරනවා. සිතුවිලි පාලනය කර ගැනීම අරමුණ සෘජුව පවත්වාගෙන යාමත් වඩාත් වැදගත් වෙනවා.කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වගේම හිසේ කැක්කුම වැනි රෝගී තත්ව ඇති වීමේ අවධානම් සහගත තත්වයක් පවතිනවා. දණහිස ආශ්‍රිත රෝගී තත්වයකින් පෙලෙන කෙනෙක් නම් සවස් වරුවේ ක්‍රීඩාශීලි කටයුතු වලින් බොහෝ දුරට දුරස් වීම වඩාත් වැදගත් වෙනවා.

ජය වර්ණය: ලා නිල්පැහැය                       ජය අංකය: 08

ධනු ලග්නය

සංචාරක කටයුතු අලෙවිකරණ කටයුතු මානව සම්පත් කළමනාකරණ කටයුතු වැනි කටයුත්තක නිරත වෙලා ඉන්න කෙනෙක් නම් තරමක කාර්යබහුල ස්වභාවයක් ගෙන දෙනවා වගේම දවසේ කටයුතු වලට පුංචි හෝ බාධාකාරී තත්ව ඇති වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරනවා. පරිපාලනමය හැකියාව යම් ප්‍රමාණයකට වර්ධනය වීම නිසා ප්‍රධාන පරිපාලන නිලතල දැරීමට නම් ඉතාමත්ම යෝග්‍යයි. පියපස ඥාතීන්ගේ කටයුතු නිසා වැඩි වශයෙන් මහන්සි වෙන්න සිදු වන දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු පිලිබදවත් පුංචි හෝ බලාපොරොත්තුවක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. රැකී රක්ෂාවකට ඉල්ලුම් කරලා තිබුනානම් එවැනි ස්ථානයකින් කැදවීම් ලිපියක් ලැබෙන්න පුළුවන්. ගමන් බිමන් යාම් වලදී තරමක් කල්පනාකාරී වන්න. හදිසි මුදල් වියදම් වීම් වැනි තත්ව ඇති වීමේ ඉඩකඩ පවතිනවා.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය               ජය අංකය: 06

මකර ලග්නය

ජිවිතයට අලුතෙන් බලාපොරොත්තු එකතු කර ගන්න එතරම් සුභ දිනයක් නොවේ. මොකද ඔබ සැහැල්ලුවෙන් සහ සතුටෙන් සමාදානයෙන් කාලය ගත කරන්න වැඩි උනන්දුවක් දක්වනවා. විනෝද ගමන් ප්‍රිය සම්භාෂණ ආරාධනා ලැබීමේ ඉඩකඩක් පවතිනවා. පොදු උත්සව ආදී කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. පොදු කටයුතු වලට මැදිහත් වීම කාලය මිඩංගු කිරීම ඉතාමත්ම යෝග්‍යයි. ඔබ යම් ආකාරයක ණය මුදලක් අපේක්ෂා කරලා තිබුනානම් ඒ ණය මුදල බොහොම පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අන් අයත් සමග විස්වාසයෙන් යුක්තව කටයුතු කරද්දී පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති විය හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                     ජය අංකය: 07

 

කුම්භ ලග්නය

ඔබ කරන බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. අද දවසේ ජලාශ්‍රිත කටයුතු වලදී නම් ඔබ බොහෝ සෙයින් කල්පනාකාරී විය යුතුයි. ප්‍රිය සම්භාෂණ උත්සව වලට ගියොත් ඔබගේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරීම වඩාත් වැදගත්. ගෘහ නිර්මාණශීලි කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වගේම සමාජසේවා කටයුතු වලදී බොහෝ දියුණුවක් අපේක්ෂා කිරීමේ ඉඩකඩ පවතිනවා. සියුම් සතුරු කරදර බාධක තිබුනානම් එවැනි කටයුතුත් යහපත් මට්ටමකට පරිවර්තනය කර ගන්න පුළුවන්. දෛනික කටයුතු ශුභවාදී මට්ටමක පැවතුණත් සෞඛ්‍ය පිඩාකාරී ස්වභාවය ඉහල යාමේ ඉඩකඩක් පවතිනවා.ඒ පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 08

 

මීන ලග්නය

බොහෝ කටයුතු වල දියුණුව සදහා ඔබ බොහෝ සෙයින් කැපකිරීම් කරන දවසක්. අලුත් ආරම්භයන්ටත් ඉතාමත්ම යහපත්. ලිපිලේඛන සමාජසේවා ග්‍රන්තකරණ  ආශ්‍රිත කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. කායික ශක්තිය යොදා කරන කටයුතු වලින් පවා දියුණුවක් අපේක්ෂා කල හැකියි. දියරමය දේවල් අලෙවි කිරීම ඒ ආශ්‍රිත කටයුතු ඖෂධ ආශ්‍රිත කටයුතු වලත් දියුණුවක් අපේක්ෂා කර ගන්න පුළුවන්. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් පවා යම් සහනශීලි බවක් උදා කරගත් හැකියි. මව්පස ඥාතීන්ගේ වැඩිහිටියන්ගේ උදව් උපකාර බොහොම පහසුවෙන් ඔබට උදා කරගන්න පුළුවන්.

ජය වර්ණය: ලා දම්පැහැය                       ජය අංකය: 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 


News Articles
Latest Videos
Most Popular Post