News Line| Off Air
Generic placeholder image

Apr
24

කඩුගන්නාව බිංගය ඉරි තලයි. වාහන ගමනා ගමනය නවතී. – Photo

1910 Views


කඩුගන්නාව බිංගය ඉරි තලයි. වාහන ගමනා ගමනය නවතී. – Photo

සුද්දා විද්ද ගල කිව්වාම ලංකාවේ නොදන්නා කෙනෙක් නෑනේ. කොළඹ මහනුවර පාරේ යද්දී කඩුගන්නාවේ තියෙන සුප්‍රකට බිංගය තමයි ඒ නමින් හඳුන්වන්නේ. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතාම ප්‍රසිද්ධ තැනක් තමයි කඩුගන්නාව බිංගේ.

හැබැයි මේ වෙද්දී කඩුගන්නාව බිංගය වහලා තියෙන්නේ. බිංගේ ගලෙහි පැල්මක් හේතුවෙන් තමයි මේ විදයට බිංගේ වහලා තියෙන්නේ. බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා තියෙනවා. මාසයකට ආසන්න කාලයක පටන් මෙම ඓතිහාසික ගලේ කොටසකින් ගල් කඩා වැටෙමින් තියෙනවා කියලයි ප්‍රදේශවාසීන් සඳහන් කරේ.

කඩුගන්නාව බිංගය කියන්නේ ලංකාවේ සුන්දරත්වයේ වගේම ඉතිහාසයේ සංකේතයක්. ඒ නිසා මේ බිංගය ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්.


News Articles
Latest Videos
Most Popular Post