News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

පොලිස් ආරක්ෂාව මැද සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රේක්ෂකයෝ කොඩි වලින් පහර දුන්න හැටි.

5171 Views


පොලිස් ආරක්ෂාව මැද සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රේක්ෂකයෝ කොඩි වලින් පහර දුන්න හැටි.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණා. ඒ ලංකාව කබලෙන් ලිපටම වැටිලා. කාලයක් ලෝකේ වටේම ගිහින් රට රටවල් දණ ගස්සපු සිංහයෝ අද ලංකාවේදීම ඉන්දියාවට දණ ගැහුවා.

මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කළු පැල්ලම් වැදුන එක විතරමයි වුනේ. මුලින්ම දඹුල්ලේදී කණ්ඩායමට හූ කිව්වා. ඊට පස්සේ නුවරදි වතුර බෝතල් වලින් ගැහුවා. හැබැයි කොළඹදී නම් ඒ සෙල්ලම් දාන්න බැරි වුණා. මොකද ඉතිහාසයේ කවදාවත් නොතිබුණ විදියේ ආරක්ෂාවක් තරගයට දීලා තිබුණ නිසා. හැබැයි ඊයෙත් ප්‍රේක්ෂකාගාර වලින් 1/4 ක් වත් පිරෙන්න සෙනග හිටියෙ නෑ. ඇවිත් හිටිය ටික දෙනාත් නුවර වගේම ලංකා ක්‍රිකට් කණ්ඩායමට තමන්ගේ විරෝධය පල කරා. හැබැයි අමුතු විදියකට.

ඊයේ තරගයේ ලංකාව පරාද වේගෙන එනකොට ලංකාවේ කොඩි තිබ්බෙ එකයි දෙකයි. හැබැයි ඉන්දියාවේ කොඩි 50 ක් විතර තිබුණා. එකක් දෙකක් ඇරෙන්න අනිත් ඉන්දීය කොඩි ටික අරන් ඇවිත් තිබුනෙ ලංකාවේ අය. ඉතිං තරගය අවසන් වේගෙන එනකොට මැච් එක තියෙන්නෙ ලංකාවෙද ඉන්දියාවෙද කියලා හිතා ගන්න බැරි වුණා. ලංකාවේ ප්‍රේක්ෂකයෝ කෑගැහුවේ ” කමෝන් ඉන්දියා, ෆෝ මෝ කොලී” කියලා. වතුර බෝතල් වලින් ගැහුවට වඩා එකට නම් ලංකාවේ කණ්ඩායමට රිදෙන්න ඇති.

ඊයේ මැච් එකේ කාසියේ වාසිය දිනුවෙ ලංකාව. මුලින්ම පන්දුවට පහරදෙන්න ආපු ලංකාවේ ආරම්භය නම් සාර්ථක වුණේ නෑ. තරගාවලිය පුරාම අසාර්ථක වුන තරංග වේගවත් ලකුණු 48 ක් රැස් කරා. තිරිමාන්න සහ මැතිව්ස් මේ තරගාවලියේ ලංකාව ගොඩනැගුව එකම ශතක සබදතාව ගොඩනැගුවා. තිරිමාන්න ලකුණු 67 යි. මැතිව්ස් ලකුණු 55 යි. සිරිවර්ධන ලකුණු 18 කට දැවී ගියා. ලංකාවේ වෙන කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවටවත් එන්න බැරි වුණා. බුවනේශ්වර් කුමාර් කඩුලු 5 ක් ලබාගෙන ලංකාවට වැලේ වැල් නැති කරා.

ලංකාව සියලු දෙනාම දැවී ලබා ගත්තෙ ලකුණු 238 ක් විතරයි. පහසු ඉලක්කයක් හඹා යන්න පිටියට ආපු ඉන්දියාවේ පලවෙනි කඩුලු 2 ක ලකුණු 29 කට බිද වැටෙනවා. එතනින් පස්සෙ නායක කෝලි , පාන්ඩේ සහ ජාධව් එක්ක ඉන්දියානු ඉනිම ගොඩනැගුවා. කෝලි නොදැවී ලකුණු 110 යි. ජාධව් ලකුණු 63 යි. මාලිංග, විශ්ව, මලින්ද සහ වනිදු එක කඩුල්ල බැගින් ලබා ගත්තා. ලංකාව 5 – 0 විදියට තරගාවලිය වයිට් වොෂ් වෙනවා. තරගයේ වීරයා බුවනේශ්වර් කුමාර්. තරගාවලියේ වීරයා ජස්ප්‍රිට් බුම්රා. සුපුරුදු විදියට ඉන්දියාව මේ තරගයේදීත් වාර්තා රැසක් පිහිටුවනවා.

එක්දින තරග වලදී වැඩිම ශතක ලාභින් අතර දෙවෙනියා වෙන්න කෝලි සමත් වෙනවා.

වෙනත් රටකට එරෙහිව වැඩිම ශතක ගණනක් රැස් කළ ක්‍රීඩකයින් අතර දෙවෙනි තැනට එන්නත් කොලිට පුළුවන් වෙනවා.

පිට පිටම ශතක රැස්කළ ක්‍රීඩකයින් අතර දෙවෙනි තැනට එන්නත් කෝලි සමත් වුණා.

අවුරුද්දකදී ලකුණු 100 සීමාව පසු කරපු ක්‍රීඩකයින් අතර තුන්වෙනි තැන කොලිට ලැබෙන්නෙ අවුරුදු 5 කදිම 1000 සීමාව පහු කරපු නිසා.

ස්ටම්ප් කිරීම් 100 ක් වාර්තා කළ එකම කඩුලු රකින්න වෙන්න දෝනිට පුළුවන් වුණා.

ලංකාවේදී තරග 5 – 0 ක් විදියට තරගාවලි ජයක් ලබා ගනිපු කණ්ඩායම වෙන්නත් ඉන්දියාවට පුළුවන් වුණා.


News Articles
Latest Videos
Most Popular Post