පහුගිය කාලේ ලංකාවට ආපු ගංවතුරෙන් ලොකු විනාශයක් වුණා ඔබට මතක ඇති. ගොඩක් අයට තමන්ගෙ හරි හම්බ කරපු මුළු සේසතම නැති වුණා. හැබැයි අපේ මිනිස්සුන්ගෙ තියෙන මනුස්සකම නිසා අසරණ වුන මිනිස්සුන්ට කන්න බොන්න දීලා බලා ගත්තා. ඒ අස්සේ සමහරු සිද්ධ වුන හානියට, අරය වගකියන්න ඕන මෙයා වගකියන්න ඕන කියල බොලේ පාස් කර ගත්තා. ඒ වුනාට ගංවතුර නිසා වුන හානියේ වගකීම නම් කවුරුවත් බාර ගත්තෙ නෑ. අපි දැන් කියන්න යන්නෙ ඉන්දියාවේ ගංවතුර ගැන.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට පහුගිය දා ආපු ගංවතුර හින්ද විශාල ජිවිත හානියක් වුණා. එක්කෝටි විසි ලක්ෂකට වැඩිය අවතැන් වුණා.මේ විනාශයට වගකියන්න ඕන කවුද කියන එක ගැන ලොකු කතා බහකුත් ඇති වුණා. බිහාර් ප්‍රාන්තයේ ජල සම්පත් භාර ඇමති රජිව් රන්ජන් කියන්නෙ මේ ගංවතුරට හේතුව මීයෝ කියලයි. ඔහු කියන විදියට, “මීයෝ ජල බාධක ඉවුරු හාරපු නිසා තමයි මේ ගංවතුර ඇති වෙලා තියෙන්නෙ. මිනිස්සු ගබඩා කරලා තියා ගන්න ධාන්‍ය හොයා ගෙන මීයෝ එනවා. ඒ මීයෝ රංචු තමයි ඉවුරු දිගටම සිදුරු කරල ගුල් හදා ගන්නෙ. ඒ විදියට සිදුරු කරපු ඉවුරු දුර්වල වෙලා කඩාගෙන ගිය නිසා තමයි ගංවතුර ආවේ” රන්ජන් ඇමතිතුමා කිවුවෙ එහෙමයි.
හැබැයි ඉන්දියාවේ පරිසර සංවිධාන නම් කියන්නෙ ජලාපවාහන පද්ධතිය ගැන කිසිම සැලකිල්ලක් නැතුව මහා මාර්ග හදන නිසා තමයි ගංවතුර එන්නෙ කියලා. කොහොම වුනත් අසල්වාසින්ව ආදර්ශයට අරන් අපේ මැති ඇමතිලත් ඉස්සරහට රටේ ප්‍රශ්න වලට අහිංසක සතුන්ව අල්ලායිද දන්නෙ නෑ.