හැටන් දරවල වත්ත වතු නිවාස පේලියේ පවුල් 32 ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ඒ නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමකට ලක් වීම හේතුවෙන්.
අද අලූයම 5ට පමණ එම නිවාස පේලියේ නිවාස දෙකක බිත්ති කඩා වැටි තිබෙනවා. සෙසු නිවාස කිහිපයක ද බිත්ති සහ ගල් කඩා වැටෙමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කලේ.
ආරක්ෂිත ස්ථාකන කරා යොමු කල ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන වැඩපිළිවෙල ක‍්‍රියාත්මකයි.
එම වතු නිවාස පේලිය කඩා වැටිමේ අධානමක් පවතින බව අවස්ථා කිහිපයකදි වතු පාලන අධිකාරියට දැනුම් දුන් බවයි එහි පදිංචිකරුවන් පවසන්නේ. හැටන් දරවල වත්ත වතු නිවාස පේලිය වසර 150කට වඩා පැරණි වතු නිවාස පේලියක්. එහි පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ජිවත් වනවා. එම වතු නිවාස පේලිය ඉදි කර ඇත්තේ කළු ගල් හා මැටි යොදා ගනිමින්.
SIYATHA TOP STORY | 11:00 AM | Editor : Nayomi Karunasinghe