නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි රේගුව පැවසුවේ. අද අළුයම ඩුබායිහී සිට පැමිණි ෆ්ලයිඩුබායි ගුවන්සේවයට අයත් යානයකින් ඇය දිවයිනට ඇවිත් තිබුණා. සැකකාරිය විසින් රැගෙන ආ විශාල ප්‍රමාණයේ ඇඳුම් අසුරණ බෑග පරීක්ෂා කිරීමේ දීයි මෙම දුම්වැටි තොගය සොයා ගත්තේ.
එහි ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි 20,980 ක් අසුරා තිබුණා. දුම්වැටි තොගයේ වටිනාකම රුපියල්දස ලක්ෂ 49,000 ක් බවයි රේගුව පැවසුවේ. අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය රාජ සන්තක කර තිබෙනවා.
SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe