ලංකාවේ නම් ඕනම පවුලක වැඩි බරක් වැටෙන්නෙ ලොකු පුතාට. පවුලෙ දේපළත් වැඩියෙන් අයිති ලොකු පුතාට. ලංකාවේ එහෙම වුනාට එන්ගලන්තෙ ක්‍රමේ ටිකක් වෙනස්. විශේෂයෙන්ම රජ පවුලෙ ඔටුන්න. දැන් ඔටුන්න අයිති මහ රැජිණට. ඊට පස්සෙ උරුමය චාල්ස් කුමරුට. ඊටත් පස්සෙ චාල්ස් සහ ඩයනාගේ ලොකු පුතා විලියම්ට. ලංකාවේ වගේ නම් ඊලගට උරුමය විලියම්ගේ මල්ලි හැරීට. හැබැයි එන්ගලන්තෙ නිසා ඔටුන්නේ උරුමය විලියම් කුමාරයාගෙන් පස්සේ ඔහුගේ දරුවන්ට අයිතිවෙනවා.
ඒ අතරට තවත් කෙනෙක් අලුතෙන් එකතු වෙනවා කියලා රජ මාලිගාවෙන් නිවේදනයක් නිකුත් කරා. ඒ කියන්නේ කේට් කුමරිය ආයිත් ගැබ් අරන්. මේ වෙනකොටත් විලියම් – කේට් යුවලට දරුවන් දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාගේ නම ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස්. එයා ඉපදුනේ 2013 ජූලි 22. ඒ වගේම දෙවෙනි දුව ඉපදුනේ 2015 මැයි 02. එයගෙ නම චාලට් එලිසබත් ඩයනා. එයාගේ නමට ඩයනා කියන කැල්ල දැම්මෙ අම්මව මතක් වෙන්නෙ කියලා තමයි විලියම් කියන්නෙ.
ඉතින් මේ විදිහට දරුවන් දෙන්නෙක් ඉන්න එකේ, ඊළඟට එන්නෙ දුවෙක්ද, පුතෙක්ද කියලා නම් රජ පවුලෙ පැත්තෙන් තාම කිසි හාවක් හූවක් නෑ. එත් එංගලතෙන් පළවෙන වාර්තා නම් කියන්නෙ ඊළඟ රජකම දරන්න වාසනාව තියෙන දරුවා දුවෙක් වුනත්, පුතෙක් වුනත් ආදාරෙන් භාරගන්න විලියම් – කේට් යුවල බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. එයාලගේ දරුවා වෙනුවෙන් දාන්න හිතාගෙන ඉන්න නම් ටිකකුත් මේ වෙද්දි මාධ්‍යට නිකුත් කරලා තියෙනවා. මේ තෝරගෙන තියෙන නම් වලින් වැඩිම දෙනෙක් කැමති නම, ඉපදෙන කුමාරයට හරි කුමරියට අනිවාර්යෙන්ම දානවා කියල කේට් කුමරිය කියනවා.
මේ තියෙන්නෙ ඉපදෙන්න ඉන්න දරුවට එයාලා දාන්න හිතාගෙන ඉන්න නම් ටික
දුවෙක් වුනොත් :
Alice , Victoria, Mary, Alexandra, Grace, Elizabeth, Olivia, Frances, Caroline, Catherine or Kate, Sophie, Diana
පුතෙක් වුනොත් :
Arthur, Henry, Frederick, Albert, Philip, Alexander, James, Louis, Harry, Edward, William, Andrew
ඒ කොහොම වුනත් මේ අලුත් දරුවා නිසා හැරී කුමරුට රජ කිරුල තවත් ඈතට යනවා. බොහෝ විට ජිවිතේ කිසිම දවසක හැරීට ඔටුනු පලදින්නත් බැරිවෙයි කියලයි අපිට නම් හිතෙන්නෙ.
කේට් කුමරිය ගැබ් ගැනීමට කලින් ගත් පවුලේ ජායාරූපයක්…

කේට් කුමරිය ගැබ් ගැනීමෙන් පසුව විලියම් කුමරු සමඟ ගත් ජායාරූපයක්…

කේට් කුමරිය දැන් අඳින්නෙ ඉතා ලිහිල් ඇඳුම්….

විලියම් – කේට් යුවල එක්ක දරුවන් දෙන්නා එකට ගත් Video එකක් පහතින්…
එන්ගලන්ත රජ පවුලේ රජ කම බෙදී යන ආකාරය දැක්වෙන සටහනක්…