ඇමෝනියා වායුව ආග‍්‍රහණය විමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අද අධිකරණයට භාර වි තිබෙනවා.
සැකකරු හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ. සිද්ධිය සම්භන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය හා කළමණාකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැදවමින් හොරණ, බැල්ලපිටිය ප‍්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක අදාළ අනතුර සිදු වුනේ පසුගිය 19 වනදා පස්වරුවේයි.
ඇමෝනියා වායුව අඩංගු ටැංකියකට වැටුනු කර්මාන්ත ශාලාවේ සේවකයෙකු හා අතර ඔහු බේරා ගැනීම සදහා පැමිණි ප‍්‍රදේශවාසීන් සිව් දෙනෙකු මෙලෙස මිය ගියා. සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කෙරුණා.
SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe